ගොවි පුතෙක් රජ කරන රටේ පොහොර හිගයක් – කෘෂි ඇමැතිත් පිළිගනී.

 

රට තුල මේ වන විට දැඩිපොහාර අර්බුධයක් නිර්මාණය වී ඇත. සෑම දිනකම පාහේ පොහොර හිගය සම්බන්ද ප්‍රවෘත්ති පෞද්ගලික රුපවාහිනී නාලිකා මගින් විකාශනය කෙරේ. ගොවීන් පවසන්නේ සහනාධාර වශයෙන් නොව මුදලට හෝ පොහොර ලබා දෙන ලෙසය. වගා නොකරන ඉඩම් රජයට පවරාගෙන වගා කටයුතු සදහා යොදා ගන්න බව කෘෂිකර්ම අමාත්‍ය තුමා පසුගියදා මාධ්‍ය මගින් පැවසීය.

කෙසේ නමුත් පසුගියදා එප්පාවල ප්‍රදේශයේදී පැවති ජනහමුවකට එක්වෙමින්  කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ පොහොර හිගයක් රට තුල ඇති බව තමා පිළිගන්නා බවත් එයට හේතුව පාකිස්ථානයෙන් ආනයනය කල පොහොර තොගයේ ප්‍රමාදය බවත්ය. මේ මස අගදී එම පොහොර තොගය රැගත් නෞකාව දිවයිනට ලගා වන නිසා ඉතා ඉක්මනින් පොහොර හිගය අවසන් වෙනු ඇති බව ඔහු පවසනවා.

(Visited 14 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප