ගෝඨාභයට හෙට ලැබෙනා නියෝගය..

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සැකකෙරෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීමට පොලීසියට ඉඩ ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන නියෝගය හෙට(29) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය කර තිබේ.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ රජයේ මුදල් මිලියන 90 ක් අව භාවිතා කළ බව කියමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සූදානම් වන බවයි.
ඒ සඳහා පොදු දේපල පනත යටතේ සහතිකයක් මේ වන විටත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවටද ජනාධිපති නීතිඥවරයා මෙහිදී සඳහන් කළේය.
මෙය මුළුමනින්ම සිවිල් ගණුදෙණුවක් බවද රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.
පොදු දේපල පනත යටතේ සහතිකයක් ඉදිරිපත් කර ඇත්තේ පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමේ චේතනාවෙන් බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

(Visited 5 times, 1 visits today)

කාටූන්

ජයාරූප