ගෝඨා අත්අඩංගුවට ගැනීමට දැනටමත් උපදෙස් දීලා…ආණ්ඩුව ජනතාවට ඇති බිය නිසා එයට පුංචි පැකිලීමක් තියෙනවා!

මේ වන විටත් නීතිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට පොලීසියට උපදෙස් දී ඇති නමුත් අසාධාරණ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉතිහාසයේ නොවු විරූ විරෝධයක් සමාජය තුළ මතු වී ඇති නිසා ආණ්ඩුව පුංචි පැකිලීමක් දක්වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද(27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙය සම්පුර්ණ වශයෙන් දේශපාලන පළිගැනීමක් වන බවත් ඩී.ඒ.රාජපක්ෂ පදනම විසින් ඩී.ඒ. රාපක්ෂ සිහිවටනය හා කෞතුගාරයක් ඉදිකිරීමට රුපියල් මිලියන 33.9 ඇස්තමේන්තුවක් සකසා ඒ සඳහා 2014 පෙබරවාරි මස පත්‍රිකා අංක 3714 යටතේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබේ.
නමුත් මේ සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුව රුපියල් මිලියන 33.7 ක් වශයනේ දක්වා ඇති අතර ඒ සඳහා රාජපක්ෂ පදනම මඟින් රුපියල් ලක්ෂ දෙකක් වැඩිපුරත් ගෙවා ඇති බව ද පැවසු ගම්මන්පිල මහතා වැඩි ගණනක් අය කළාට රාජපක්ෂ පදනම සංස්ථාවට නඩු දැමිය යුතු බව ද කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාපක්ෂ මහතා පොදු දේපල අවභාවිතා කළ බව පවසමින් අත්අඩංගුවට ගැනීමට යැයි පවසන ඕනෑම අයෙක් සමඟ තමා විවාදයකට පැමිණිමට සුදානම් බව ද ගම්මන්පිල මහතා මෙහිදී කියා සිටියේය.
අද වන විට ආණ්ඩුවට පවතින දැවැන්තම දේශපාලන තර්ජනය ගොඨාභය රාජපක්ෂ මහතා වන බවත්, බෙඳුම්වාදී ව්‍යවස්ථාවට එරෙහිව එළිය සංවිධානය සමඟ රට පුරා රැස්වීම් පවත්වන බැවින් ඔහුගේ ජනප්‍රියත්වයට දෙවැනි වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් වන බවත් කියා සිටි ගම්මන්පිල මහතා මේ නිසා ආණ්ඩුව ඔහු සිර කර නිහඬ කිරීමේ උත්සහයක් ගන්නා බව ද කියා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතියේ හදවත බවත් ඔහු බේරා ගැනීමට ඕනෑම දෙයක් සිදුකිරීමට සුදානම් බව ද ගම්මන්පිල මහතා පැවසීය.
(Visited 4 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප