චීන දුම්රිය ධාවන රියදුරෝ හෙට දුම්රිය වර්ජනයක!

චීන මැදිරි සහිත දුම්රිය සහ එස්. 10 බලවේග කට්ටල මඟින් ධාවනය වන සියලු දුම්රිය ධාවන කටයුතුවලින් හෙට (01) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත්වීමට තීරණය කර ඇති බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ වර්ජනය හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට දිනකට දුම්රිය ගමන් වාර 120ට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදු වනු ඇති බවයි.

චීන මැදිරි සහිත දුම්රිය 15ක් පවතින අතර එස් 10 බලවේග කට්ටල 100කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ධාවනයට එක් කර තිබේ.

(Visited 16 times, 1 visits today)

කාටූන්

ජයාරූප