ජංගම දුරකථන වලින් සිදුවන ඔබ නොදත් විකිරණ හානි.

ජංගම දුරකථනයන් කෙටි රේඩියෝ තරංග භාවිත කරමින් තොරතුරු සම්ප්‍රේෂණය කළ ද අති විශාල ලිපිගොනු (ෆයිල්ස්‌) ඒ හරහා බා ගැනීමේ දී (ඩවුන්ලෝඩ්) සෞඛ්‍යයට අහිතකර වන අයුරින් විකිරණවලට අප නිරාවරණය විය හැකි බව වෛද්‍යමතය වී තිබේ.

ජංගම දුරකථනවලින් නිකුත් කෙරෙන විකිරණවලට නිරාවරණය වීම හා එම විකිරණ හේතුවෙන් හටගන්නා සෞඛ්‍ය තර්ජනයන් අඩු කිරීම සඳහා තම ජංගම දුරකථනයන් අඩි ගණනාවක්‌ ඈතින් තබා ගන්නා ලෙස ඇමරිකා එක්‌සත් ජනපදයේ කැලිෙෆනියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු අඟවා තිබේ.

ඉකුත් දෙසැම්බර් 14 වැනිදා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම අනතුරු ඇඟවීම සිදු කරන ලද්දේ ජංගම දුරකථනවලින් නිකුත් කෙරෙන විකිරණ හේතුවෙන් පිළිකාවන් අවධානය සම්බන්ධ ගැටලුල මානසික සෞඛ්‍ය ගැටලු හා ප්‍රජනක සෞඛ්‍ය ගැටලු හට ගත හැකි බවට ලැබී ඇති අති විශාල සාක්‍ෂි මත පදනම්ව බව ප්‍රකාශ වී තිබේ. ජංගම දුරකථනයන් කෙටි රේඩියෝ තරංග භාවිත කරමින් තොරතුරු සම්ප්‍රේෂණය කළ ද අති විශාල ලිපිගොනු (ෆයිල්ස්‌) ඒ හරහා බා ගැනීමේ දී (ඩවුන්ලෝඩ්) සෞඛ්‍යයට අහිතකර වන අයුරින් විකිරණවලට අප නිරාවරණය විය හැකි බව වෛද්‍යමතය වී තිබේ.

කැලිෙෆොනියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව පර්යේෂණයන් හරහා ජංගම දුරකථනයන්ගෙන් නිකුත් වන විකිරණ භයානක බව මෙතෙක්‌ නිශ්චිතව තහවුරු කර නැතත් වෙනත් අධ්‍යයනවලදී එම විකිරණ විශේෂයෙන් ම ළමුන්ට අහිතකර බව අනාවරණය වී තිබේග කැලිෙෆොනියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් මෙම අනතුරු ඇඟවීම් නිකුත් කරන ලද්දේ ඇමරිකා එක්‌සත් ජනපදයේ බර්ක්‌ලී හා සැන්ෆ්‍රැන්සිස්කෝ නගර බලධාරිහු සිය නගරවාසීන්ට තම ජංගම දුරකථනයන් ශරීරයට තරමක්‌ දුරින් තබා ගන්නා ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ පසුය.

රේඩියෝ තරංග සහිත ජංගම දුරකථනයන් මෙහිදී අඩුම විකිරණ ප්‍රමාණයක්‌ නිකුත් කරන දුරකථනයන් සේ ගැනුනදල අප ජංගම දුරකථනයන් සමීපයෙහි තබා ගැනීම භයානක විය හැකි බව පර්යේෂකයින්ගේ මතය වී තිබේ.

සෘජුවම ජංගම දුරකථනයක්‌ ශරීරය මත තබා ගැනීම කිසිසේත් නිවැරැදි අදහසක්‌ නොවන බව පාරිසරික සෞඛ්‍ය පදනමෙහි ආචාර්ය ඩෙව්රා ඩේවිස්‌ පවසන්නීයග මෙහිදී හැකිතාක්‌ ස්‌පීකරයක්‌ සහිත ජංගම දුරකථන හෝ හෑන්ඩ්ස්‌ සෙට්‌ උපාංගයන් සහිත දුරකථනයන් විකිරණවලට නිරාවරණය වීම අඩු කර ගැනීම සඳහා භාවිතා කරන ලෙස කැලිෙෆොනියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස්‌ නිකුත් කර තිබේ. බොහෝ දෙනා නොදන්නා කරුණක්‌ වනුයේ ජංගම දුරකථනයන් ශරීරය මත තබා ගැනීමෙන් වළකින ලෙසට පැහැදිලි අනතුරු ඇඟවීමක්‌ එම දුරකථන සමාගම් නිකුත් කරන බව යෑයි ආචාර්ය ඩෙව්රා කීවාය.

කැලිෆෝනියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශන මාලාවට අනුව ජංගම දුරකථනවලින් නිකුත් වන විකිරණ වැඩිහිටියන්ට වඩා ළමුන්ගේ මොළයට ඇති කරන බලපෑම වැඩියග මෙම විකිරණවලට නිරාවරණය වීම ළමුන්ගේ මනසෙහි වර්ධනයට ද හානිකර විය හැකි බව වෛද්‍ය මතයයි.

මොළයේ හෝ කන්වල පිළිකාවන් හට ගැනීමට ජංගම දුරකථනවලින් නිකුත් වන විකිරණ හේතු විය හැකි බව කැලිෙෆොනියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවට අනුව හෑන්ඩ් ෆී සෙට්‌ උපාංගය භාවිත කිරීමෙන්ල ජංගම දුරකථනය සමඟ නිදා ගැනීමෙන් වැළකීමත්ල (කොට්‌ටය යට තබා ගැනීමෙන් වැළකීම) එම දුරකථනයන් කමිසරැ කලිසම් සාක්‌කුවල නොදමා හා බෙල්ට්‌ එකට සවි නොකර බෑගයක රැගෙන යැමත්ල නිරතුරුවම ජංගම දුරකථනය කන්වලට හා හිසට ආසන්නයේ තැබීමෙන් වැළකීම විකිරණවලින් ආරක්‍ෂා වීමේදී වැදගත් ය.

භාවිත නොකරන විට ජංගම දුරකථනයෙහි එයාර් ප්ලේන් මෝඩය ක්‍රියාත්මක කිරීම හෝ දුරකථනය ක්‍රියා විරහිත කිරීමත්ල කතා කිරීමට වඩා කෙටි පණිවිඩ යෑවීමත් විකිරණ ශරීරගත වීම අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයන්ය.

නවතම අධ්‍යයන යන්ගෙන් හෙළි වී ඇත්තේ තම කලිසම්රැ කමිස සාක්‌කුවල ජංගම දුරකථනය තබා ගන්නා පිරිමින්ගේ ශුක්‍රානු මට්‌ටම අඩු විය හැකි බව යෑයි ආචාර්ය ඩෙව්රා සඳහන් කරන්නීයග දැනට සතියකට පමණ පෙරදී ප්‍රංශය ප්‍රාථමික හා මධ්‍යම පාසල් ශ්‍රේණිවල ජංගම දුරකථන භාවිත කිරීම තහනම් කරනු ලැබූ අතර එයට හේතු වී ඇත්තේ ළමුන්ගේ මානසික සෞඛ්‍යයට ජංගම දුරකථනවලින් බලපෑම් එල්ලවීම වැළැක්‌වීමයි.

(Visited 8 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප