ජනපති සහ අගමැති කරන්නේ මාධ්‍ය සංදර්ශනක් පමණයි – කැෆේ සංවිධානය කියයි.

බැදුම්කර සිදුවීම සම්බන්ධ සියළු සිදුවීම් දැවැන්ත මාධ්‍ය සංදර්ශනයක් බවත්, ජනාධිපතිවරයා තවදුරටත් අගමැතිවරයා විශ්වාස කරන්නේ ද යන්න රටට හෙලි කළ යුතු බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසනවා.

පසුගිය 18 වැනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

“එක අතකින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ගජ මිතුරා ඔහුව රවට්ටලා තියෙනවා, දෙවනුව  අග්‍රාමාත්‍යවරයා දැන දැනම ඒ සඳහා අවශ්‍ය පරිසරය ලබලා දීලා තියෙනවා. දැන් අපිට ජනාධිපතිවරයාගෙන් අහන්න තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි, තවදුරත් ඔබ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පිළිබඳව විශ්වාසයක් තියනවද කියන එක ජනතාවට පැවසිය යුතුව තියෙනවා. මේ කොමිසමේ නම් කියවුණ පුද්ගලයෝ 4දෙනෙක් ඉන්නවා මේ කොමිසමට ඇවිල්ලා බොරු කියපු. අඩුම ගානේ ඔය 4දෙනා අත්අඩංගුවට ගන්න නීතිපතිවරයා තවම උපදෙස් දෙන්නේ නැත්තේ ඇයි?.  නීතිපතිවරයා බුදියගෙන ඉන්නවා. අපිට අහන්න තියෙන්නේ මේ මුළු ක්‍රියාවලියම දැවැන්ත මාධ්‍ය සංදර්ශනයක්,  එහෙම ඇත්නම් තමන්ගේ අගමැතිවරයා රකින්න ජනාධිපතිවරයා සූක්ෂම විධියට දැලක් වියලා අපිව රවට්ටනවද කියන එක විතරයි.” ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

(Visited 6 times, 1 visits today)

කාටූන්

ජයාරූප