ජන්දෙට බඩු බෙදලා අපේක්ෂකයෝ පුම්බන්න උදව් කරලා අහු උනොත් වැඩ වරදියි. මැකෝ රාජ්‍ය නිළධාරීන්ට අනතුරු අගවයි.

පළාත් පාලන මැතිවරණය මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත. මෙම මැතිවරණයට තරග කරන පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කිරීම සදහා  වැඩසටහන් මුවාවෙන් ජන්ද අල්ලස් දීමේ වැඩසටහන් පැවැත්වීමෙන් වලකින ලෙස රාජ්‍ය නිලධාරීන්ට මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

කලින් සැලසුම් කල වැඩසටහනක් නම් එම වැඩසටහන කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව පවත්වන ලෙසත් එය අත්‍යවශ්‍යම වැඩසටහනක්දැයි සොයා බලන ලෙස දැනුවත් කර ඇත.

සියලු රාජ්‍ය නිලධාරීන් මැතිවරණයේදී පක්ෂක්ග්‍රාහී ලෙස ක්‍රියා නොකරන ලෙසත් කිසිදු අපේක්ෂකයෙකුට හෝ පක්ෂයකට අසාධාරණයක් වන ලෙස රාජ්‍ය දේපල යොදාගැනීමෙන් වළකින ලෙසද මැතිවරණ කොමිසම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇත.

මේ සම්බන්ධව මැතිවරණ කොමිසම නිකුත් කරන ලද චක්‍රලේඛ හා උපදෙස්‌ සියලු නිලධාරීන් අනුගමනය කළ යුතු බව එම කොමිසම වැඩි දුරටත් දැනුම් දී තිබේ.

(Visited 1 times, 1 visits today)

කාටූන්

ජයාරූප