ජනාධිපතිගේ කාලය 5, 6 වෙන එක ගැන පක්ෂයේ මතය – ඇමති සුසිල් කියයි.

අද දින පැවති මාධ්‍ය හමුවකදී සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් ජනාධිපතිතුමාගේ නිල කාලය පිළිබද මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය.

 

ප්‍රශ්නය: ඔබතුමා හිතන විදියට ජනාධිපතිතුමාට කොච්චර කාලයක් ඉන්න පුලුවන්ද?

 

පිළිතුර: කවදා හරි දවසක ජනාධිපතිවරණයක් තියන්න එපැයි. එක්කෝ 5 න් නැත්නම් 6න් . ඕනනම් හෙටත් තියන්න බැරිය.හැබැයි මෙතන විමසල තියෙන්නේ දැන් 19 වෙනි සංසෝධනය ආව නිසා එතකොට කවද්ද තියන්න ඕන කියල.ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ජනාධිපතිතුමාට තව අවුරුද්දක් ඉන්න ඕන නිසා ඒක කලයි කියලා.මතයක් විමසන්න පුළුවන්නේ.

 

ප්‍රශ්නය: ඇමතිතුමා දැන් ජනාධිපතිතුමා කාලය විමසිය යුතුමද 6 ක් ඉන්න පුලුවන්ද? 5 කින් යන්න ඕනෙද කියල?

පිළිතුර:  සමහරු කියන 2019 දෙසැම්බර්  8 ට පෙර ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි කියල. තව සමහරෙක් කියනවා ඒක වෙන්නේ 2020 දී කියලා. තමන් කැමැත්තෙන් 5 කර ගන්න එක වෙනම දෙයක් . නමුත් නීත්‍යනුකුලව එම තත්වය තර්කයකට බදුන් වෙලා තියෙනවා. එවැනි අවස්ථාවක හොදම දේ තමයි සුප්‍රීම් කෝට් එකේ මතය විමසන එක.

(Visited 3 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප