ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේපය සුළු සිදුවීමක් වුවත් ඉතා භයානක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්!

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වව්නියාවේ පාසලක උත්සවයකට සහභාගී වී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම තරයේ හෙළා දකින බව ජාතික හෙළ උරුමයේ සම සභාපති කරු පරණවිතාන මහතා පවසයි.
අද(22) පැවති ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මෙය සුළු සිදුවීමක් වුවත් ඉතා භයානක ප්‍රතිඵල ලැබිය හැකියි බවත්, අධ්‍යාපන අමාත්‍යවරයෙක් වශයෙන් කරන කියන දේ පිළිබඳ රටේ පාසල් දරුවන් බලා සිටින බවත් එනිසා මෙම සිදුවීම තුළින් රටේ අනාගත පරපුරට දුන් ආදර්ශය ඉතා නරක බව ද පරණවිතාන මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
සාමය අගයන දෙමළ දේශපාලන නායකයන් බොහෝමයක් මෙම සිදුවීම හෙළා දැක ඇති බවත්, ජාතික කොඩිය එක් ජන වර්ගයකට පමණක් අයිති නැති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සියලුම ජනතා නියෝජිතයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගැනීමට බැඳී සිටින අතර රාජ්‍ය සංකේතයක් වශයෙන් ජාතික කොඩියට සුවිශේෂි ස්ථානයක් හිමිව ඇති බව ද සඳහන් කළේය.
බාල ජනප්‍රියතාවය සඳහා ඇතැම් දේශපාලඥයින් මෙවැනි ක්‍රියා සිදු කරන බව ද පරණවිතාන මහතා පැවසීය.
(Visited 1 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප