ජිනීවාහීදී ලංකාවේ යුද අපරාධ කියන්න ගොස් රෙදි ගලවාගත් වයිකෝ ඉන්දියාවේදී සිංහ කොඩිය පාගා දමයි!!

චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එම්.ඩි.එම්.කේ.පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් උද්ඝෝණයක නිරත වී තිබේ.

වයිකෝ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී සිදුකළ ප්‍රකාශයකට ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඔහුට තර්ජනය කර ඇති බව උද්ඝෝෂණයේ නිරත පිරිස් චෝදනා කළේය.

අදාළ සිද්ධිය ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා හෙළාදැකිය යුතු බව විරෝධතාකරුවන් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට රැස්වු එම්.ඩි.එම්.කේ.පක්ෂයේ ආධාරකරුවන් ශ්‍රී ලංකා ධජය පුළුස්සමින් විරෝධතාවයේ නිරත වී ඇත.

සරත් වීරසේකර, නාලක ගොඩහේවා, අනුරාධා යහම්පත් ඇතුළු ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් ශ්‍රී ලංකාවට එරෙහිව කරන ලද වයිකෝගේ ප‍්‍රකාශයන්ට සමුළුව තුලදී මෙන්ම ඉන් පිටතදීද දැඩි විරෝධය දැක්වූහ.

(Visited 5 times, 1 visits today)

කාටූන්

ජයාරූප