ජීවන වියදම ඉහළ දමමින් ජනතාව පීඩාවට පත් කරන ආණ්ඩුව පළවා හැරිය යුතුයි!

වත්මන් ආණ්ඩුව තවදුරටත් වලංගු නොවන ආණ්ඩුවක් බවට පත්ව ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

ජීවන වියදම ඉහළ දමමින් ජනතාව පීඩාවට පත් කරන ආණ්ඩුව පළවා හැරීමට සියලූදෙනා එක්ව ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා කටයුතු කළ යුතු බවද මන්ත්‍රිවරයා එහිදී පෙන්වා දුන්නේය.

මෙම ජන හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියේ පළාත් සභා මැතිවරණ කල්දැමීමට ආණ්ඩුව කටයුතු කරනු ලබන්නේ ජනතා මතයක් ඔවුන්ට නොමැති බව පෙන්වා දෙමිනි .

එමෙන්ම පසුගියදා දකුණු පළාත් සභා මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා පළාත් සභාව තුළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය හමුවේ එය විසුරුවා හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීම පැහැදිළි වන බවයි.

(Visited 5 times, 1 visits today)

කාටූන්

ජයාරූප