ජෝන්ට විවිද පාර්ශව වලින් බැනුම්

අමාත්‍ය ජෝන් අමරතුංග  මාධ්‍යවේදියාට බැණ තර්ජනය කිරීම සහ පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන්  දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධාන අද දිනයේත් විවිධ අදහස් පළ කලා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ මීට පෙර ද ජෝන් අමරතුංග අමාත්‍යවරයා මෙලෙස කටයුතු කර අත්දැකීම් ඇති අයෙකු බවයි.

අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා ඒ පිළිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සැබෑ ජෝන් අමාත්‍යවරයා කරළියට ගැනීමට මාධ්‍යවේදියාට හැකි වූ බවයි.

මේ අතර, ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව මේ මස 15 වන දා කොළඹ කොටුවේ විරෝධතාවයේ නිරත වන බව වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසනවා.

බණ්ඩාරවෙල අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරන එහි ජාතික සංවිධායක කාංචන කුමාර ආරියදාස කියා සිටියේ අමාත්‍යවරයා සිය වගකීම නියමිත ලෙස හඳුනා නොගෙන කටයුතු කරමින් සිටින බවයි.

මුතුරාජවෙල ප්‍රදේශයට කසල බැහැර කිරිම සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන් අමරතුංගගේ කදාන නිවසේ සාකච්ඡාවක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදී බෙනට් ෆර්ඩිනෑන්ඩස්ට පසුගිය 8 වන දා අමාත්‍යවරයා බැන තර්ජනය කර පහරදීමට තැත් කළා.

පසුව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයක සදහන් කර තිබුණේ එම සාකච්ඡාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන් ආරාධනා නොකළ බවයි. එම කාරණයම අමාත්‍යවරයාගේ ෆේස් බුක් ගිණුමෙහි ද සටහන් කර තිබුණා.කෙසේ වෙතත්, පසුගිය 7 වැනිදා ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ ලේකම්වරයා තමන්ට දුරකථනයෙන් අමතා එම මාධ්‍ය හමුවට සහභාගි වන ලෙස තමන්ට ආරාධනා කළ බවයි  මාධ්‍යවේදී බෙනට් ෆර්ඩිනෑන්ඩස් සදහන් කර ඇත.

(Visited 16 times, 1 visits today)

කාටූන්

ජයාරූප