ජෝ රූට් තම කණ්ඩායම අතහැර ඉන්දීය ප්‍රිමියර් ලීග් 20/20 තෝරා ගෙන!

එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් එළඹෙන ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත කණ්ඩායම් සමඟ පැවැත්වීමට නියමිත තුන් කොන් ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් වී තිබෙනවා. ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමේ අරමුණින්.

එංගලන්ත , ඔස්ට්‍ට්‍රේලියා සහ නවසීලන්ත කණ්ඩායම් අතර තුන් කොන් ක්‍රිකට් තරඟාවලිය එළඹෙන මස ආරම්භ වීමට නියමිතයි. ජෝ රූට් එම තරඟාවලියට සහභාගී නොවීමට තීරණය කර ඇත්තේ එළෙඹෙන අප්‍රේල් මස ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරඟය මුල් කරගෙනය.මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෝ රූට් සඳහන් කලේ මෙම තීරණය ගැනීමට ඉතා අසීරු වූ බවයි. තම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නොලැබීම ගැන ඔහු කණගාටු වන නමුත් තමන් මෙම තීරණය ගත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරඟාවලියේ අද්දැකීම් සමුදායක් ලබා ගැනීමේ අරමුණින් බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මෙම මස 27 සහ 28 වනදා පැවැත්වෙන අතර ජෝ රූට් එහි වැඩිම මිලකට අලෙවි වන ක්‍රීඩක ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටිනවා.

(Visited 7 times, 1 visits today)

කාටූන්

ජයාරූප