ඩෙංගු මර්ධන වැඩසටහන අදින් ආරම්භ වේ!

ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදින් ආරම්භ වෙයි.මෙය මාස තුනක ව්‍යාපෘතියක් බව සදහන් වේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක වන අතර ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබේ.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 53,000ක් පමණ වාර්තා වී ඇති අතර පුද්ගල මරණ 150ක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

තුන් මාසික ඩෙංගු මර්දන වැඩසටහන යටතේ සෑම සතියකම සිකුරාදා දිනයන්හි රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, පැයක කාලයක් සිය පරිශ්‍ර පවිත්‍ර කළ යුතු වෙයි.

පාසල් පද්ධතිය පවිත්‍ර කිරීම විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සහ දරු දැරියන් විසින් සිදුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

නිවාස පරිශ්‍ර සතියකට වරක් පවිත්‍ර කළ යුතු අතර එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

හදිසි ආපදාවට ලක් නොවූ දිස්ත්‍රික්ක හතක මෙම ඩෙංගු මර්දන ජාතික වැඩසටහන පළමුව ආරම්භ කිරීමට නියමිතය.

ගංවතුර බැසයාමෙන් පසු ඩෙංගු රෝගය යළි වැඩිවිය හැකි බැවින් එය මර්දනය කිරීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.

(Visited 22 times, 1 visits today)

කාටූන්

ජයාරූප