ඩෙංගු මර්ධන සතියක්…වර්ෂාවත් සමග ඩෙංගු හිස ඔසවන බැවින් ඉතාමත් ප්‍රවේසම් වන්න!

මෙම මස 20 වන දා සිට 26 වන දා දක්වා ජාතික ඩෙංගු මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය යලි ව්‍යාප්ත විය හැකි බැවින් ඩෙංගු මදුරු මර්ධන වැඩසටහන් අඛණ්ඩව කියාත්මක කරන ලෙස සෞඛ්‍ය  අමාත්‍යවරයාගෙන් ලැබුණු උපදෙස් මත එම සතිය ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්වේ.
මේ වන විට දිවයින පුරා වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ සැළකිය යුතු අඩුවීමක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙම වසරේ  ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් එක්ලක්ෂ හතලිස් අට දහසක් පමණ වාර්තා වී ඇති අතර පසුගිය කාලයේ සතියක වාර්තා වූ දසදහසක් වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 1500 දක්වා අඩු වී ඇති බව එම අමාත්‍යංශය පෙන්වාදෙයි.
(Visited 15 times, 1 visits today)

කාටූන්

ජයාරූප