ඩෙංගු මර්ධන සතිය ආරම්භ වේ!

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන ජාතික ඩෙංගු මදුරු මර්දන සතිය අදින් ආරම්භ වෙයි.

අද(20) සිට ලබන 26 වනදා දක්වා ඩෙංගු මදුරු මර්දන සතිය ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මේ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු කණ්ඩායම් 3000 ක් යොදවා ඇති බව සඳහන්ය.

ඒ අනුව අද දිනයේ කොළඹ මහනගර සභා බල සීමාවේ කණ්ඩායම් 68ක් නිවාස පරීක්ෂා කිරීම සඳහා යොදවා ඇති අතර ඔවුන් දින හතරක් පුරා නිවාස පරීක්ෂා කිරීමට නියමිතය.

මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමඟ යළි ඩෙංගු රෝගය හිස ඔසවිය හැකි බැවින් අඛණ්ඩව ඩෙංගු මදුරු මර්දන කටයුතු සිදු කරන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

(Visited 18 times, 1 visits today)

කාටූන්

ජයාරූප