ඩෙංගු යලි හිස ඔසවයි!!

පවතින වර්ෂාවත් සමග ඉදිරි මාසය තුළ තුළදී ඩෙංගු රෝගීන්ගේ ඉහල යාමක් අපේක්ෂා කළ හැකි බව ජාතික බෝ නොවන රෝග විද්‍යායතනය පවසයි.

එහි කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මේ හේතුවෙන් පරිශ්‍රවල පිරිසිදුතාව රැක ගැනීමට කටයුතු කළ යුතු බවයි.

උණ රෝගය වැළදී දින දෙකක් ඉක්ම ගිය පසුත් උණ පවතින්නේ නම් පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙස ද ඔහු ජනතාවට උපදෙස් ලබා දුනි.

මේ අතර, වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් එක්ලක්ෂ 57,133 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

(Visited 7 times, 1 visits today)

කාටූන්

ජයාරූප