ණය ගෙවන්න බැරිකම ආණ්ඩුවේ දුර්වලතාවයක්!!

අද (16) පැවති ඒකාබද්ධ විපක්ෂ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ වත්මන් රජය දේශීය හා විදේශීය ණය වාරික හා පොළී ගෙවා ගැනීම අසීරු යැයි පවසන්නේ නම්, ආණ්ඩුව කළ නොහැකි නිසා ඉල්ලා අස්විය යුතු බවයි.
ලෝක වෙළඳ පොළේ තෙල් මිල අඩු වීමත් සමඟ 2016 වසර සඳහා රජයට ඩොලර් මිලියන 4378 ක මුදලක් ඉතිරිව ඇතත් එසේ තිබිය දී ද ණය වාරික ගෙවිය නොහැකි නම් වහාම ආණ්ඩුවක් වශයෙන් ඉල්ලා අස්විය යුතු බව ද බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මේ අතර මාධ්‍ය හමුවකට එක්වෙමින් ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ එක පුද්ගල ආදායමද වසර 15ට පසුව ඉතාමත් අසීරු ලෙස පහත වැටි ඇති බවයි
එමෙන්ම කර සිටියේ මීතොටමුල්ල කුණු කන්ද පුපුරා යෑමේ දී සිදු වු හානිය සඳහා වියදම් කිරීම පසෙකලා මේ වන විට රජය රුපියල් මිලියන 1200 ක වියදමින් සුඛෝපභෝගී වාහන සඳහා මුදල් වෙන් කර ඇති බවයි.

(Visited 8 times, 1 visits today)

කාටූන්

ජයාරූප