තංගල්ල මුහුදු තීරයෙන් දුර්ලභ ගනයේ අමුත්තෙකු ගොඩ බසියි.!!!

වඳ වීමේ තර්ජනයට පවා මුහුණ දී සිටින දුර්ලභ ගනයේ පොකිරිස්සෙකු තංගල්ල නාවික හමුදා කඳවුර ආසන්න මුහුදේ ප්‍රදේශයෙන් හමුවී ඇත. නාරා ආයතනය පවසන්නේ මෙම පොකිරිස්සා මෙරට මුහුදු සීමාවෙන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.විසිතුරු මසුන් ඇල්ලීමේ නිරත කිමිදුම් කරුවෙකුට මෙම පොකිරිස්සා හමුවී ඇති අතර පසුව ඔහු එම පොකිරිස්සාව නාරා ආයතනයට භාර දී තිබෙනවා.

නාරා ආයතනයේ සමුද්‍ර ජීවවිද්‍යාඤ උපුල් ලියනගේ මහතා මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ ,

මෙරටදී හමුවන පොකිරිස්සන් අතරින් 99 % ක් ම කටු පොකිරිස්සන් වන ප්‍රධාන කාණ්ඩයට අයත් වන අතර ඊට අමතරව සපත්තු පොකිරිස්සන් යන කාණ්ඩය ඉතාමත් සුළු වශයෙන් හමු වන බවත් ය.මේ කියන කාණ්ඩ දෙකටම අමතරව ඊයේ (22) වාර්තා වූ ඉන්දු පැසිෆික් පරිලොබ්ස්ටර් යන කාණ්ඩය ප්‍රථම වරට මෙරටදී හමු වූ බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. එසේම නැගෙනහිර ආසියානු රටවල් වල පමණක් වාර්තා වන මේ සත්වයා ප්‍රථම වතාවට නොගැඹුරු මුහුදු තීරයේදී ඊයේ දින වාර්තා විය. එසේම මෙම විශේෂය කොරල්පර අතර නොගැඹුරු මුහුදු තීරයේ හමුවන පොකිරිස්සන් විශේෂයක් වන අතර අනික් පොකිරිස්සන් විශේෂයන්ගෙන් පහසුවෙන්ම වෙන්කර හඳුනා ගත හැකි දීප්තිමත් රතු පැහැයක් ද  එසේම උඩුකබල ඕවලාකාර හැඩයක්ද ගනනා  බවත්  කටු සහිත ස්වභාවය වෙනුවට ඇඟේ ගැටිති සහ රෝම වැනි ස්වභාවයක් දැකීමට හැකි  බවත් ඒ මහතා පවසා සිටියේය . මේ විශේෂය ඉතාම දුර්ලභ විශේෂයක් වන අතර පාරිසරික හේතූන් මත වඳ වී ගොස් තිබේ . මේ නිසා ඔවුන් මේ සත්වයාව සජීවීව සංරක්ෂණය කිරීම සඳහා නැවතත් ඔහුගේ පරිසරයට මුදා හැරීමට කටයුතු කරන බව අවසාන වශයෙන් උපුල් ලියනගේ මහතා ප්‍රකාශ කර සිටියේ ය.

 

(Visited 6 times, 1 visits today)

කාටූන්

ජයාරූප