තම ඥාතීන් ඡන්දය ඉල්ලන නිසා පොලීසියේ නිලධාරීන්ට මාරුවීම්…

දිවයිනේ පොලිස් ස්ථාන ගණනාවක රාජකාරි කරන විවිධ අංශවල සහ විවිධ මට්ටමේ පොලිස් නිලධාරීන් සහ පොලිස් නිලධාරිනියන් 108 දෙනෙකු ඉකුත් 20 වනදා සිට බල පැවැත්වෙන පරිදි තාවකාලිකව මාරු කර ඇත්තේ ය. ඒ එම නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ බිරින්දෑවරුන්,සැමියන්,සහෝදර සහෝදරියන්,යහළුවන් සහ සමීපතම ඤාතීන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වී තරඟ කරන නිසා යයි පොලිස් මූලස්ථානයේ ජේෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ ය. නමුත් මෙය බල පැවැත්වෙන්නේ ලබන මාර්තු 01 වනදා තෙක් පමණක් බවද ඒ මහතා සඳහන් කර තිබුණේ ය.

(Visited 7 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප