තෛපෙංගල් උත්සවයට ජනපති සහ අගමැති සුබපතයි.

හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන තෛපෙංගල් උත්සවය අදට යෙදී තිබේ.

හිරු දෙවියන්ට සහ ගව මහීශාදීන්ට ගෞරවය පුදන තෛපෙංගල් උත්සවය හින්දු බැතිමතුන් සමරන්නේ ඔවුන්ගේ නව වසර ආරම්බයක් ලෙසය.

මිනිස් සමාජයේ සංහිදියාව සහ කරුණාව වැනි ගුණාංග තහවුරු කෙරෙන සුබ උදාවක් වේවායි හින්දු බැතිමතුන්ට සුබ පැතුම් පල කරන බව තෛපෙංගල් උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් එක් කරන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

එහි දැක්වෙන්නේ ලෝක වාසි හින්දු ජනයා සොබාදහම වෙත සිය කෘතඥතාව පල  කිරීම සදහා සමරන තෛපෙංගල් උළෙල නිමිත්තෙන් සුබපැතුම් එක කරන්නට ලැබීම සතුටට කරුණක් බවය.මිනිසා ශිෂ්ටත්වය කරා පැමිණි ගමනේදී කෘෂිකර්මාන්තය ප්‍රමුක කාර්යභාරයක් ඉටු කල බව තෛපෙංගල් උත්සවය සිහිගන්වන බවද නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර ලොව වටා දමිල ජනතාව මහත් හරසරින් සමරන තෛපෙංගල්  උත්සවයට දීර්ඝ ඉතිහාසයක් ඇති මහා  සංස්කෘතික උරුමයක් සහිත වැදගත් ආගමික උත්සවයක් බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ.

සුර්ය දෙවි වන්දනාවට ප්‍රමුකත්වය දෙන මෙම උත්සවය මානව ජීවිත සමෘද්ධිමත් කිරීම සදහා ජීවය ලබාදෙන සොබාදහමට කෘතවේදීත්වය පුදකරන අවස්ථාවක් ලෙස සැලකිය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

කෘෂිකාර්මික සමාජයේ හිරු දේවත්වයෙන් සලකන අතර සරු අස්වැන්නක් ලබාගැනීමට ශක්තිය වූ හිරු දෙවියන්ට අස්වැන්නෙහි අග්‍රඵලය පුදදෙමින් කෘතවේදීත්වය දැක්වීම තෛපෙංගල් උළෙලෙහි වැදගත් චාරිත්‍රයක් බවද අග්‍රාමාත්‍ය වරයා සදහන් කරනවා

(Visited 7 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප