දකුණේ ජනයා ගංවතුරෙන් මියයද්දී උතුරේ යුද්ධයෙන් අතුරුදන් වූවන් ඉල්ලා A9 වසයි!

දකුණේ ඇති දැවැන්ත වියසනයක් සිදුවීමක්  සිදුවී ,එයින් මරණයට පත්ව ඇති ජන සංඛ්‍යාව 200ත් ඉහල යමින් ඇති අවස්ථාවේදී උතුරේ අතුරුදන්වුවන්ගේ ඥාතීන් පිරිසක් කිලිනොච්චිය ප්‍රදේශයේදී ඒ 9 මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් පවත්වා ඇත .

එය පවත්වා ඇත්තේ අතුරුදන්වුවන් පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලා ඔවුන් ආරම්භ කළ සත්‍යග්‍රහයට දින 100 ක් ගතවී ඇතත් විසඳුමක් නොලැබුනු බවට චෝදනා කරමිනි .

විරෝධතාවට එරෙහිව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාදී තිබුනද එය නොතකමින් මෙම පිරිස විරෝධතාවයේ නිරත වූ බව සදහන් වේ.මේ හේතුවෙන් ඒ 9 මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන ඇති අතර විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනය කරවීමට පොලිසිය පියවර ගෙන ඇත. මෙම විරෝධතාවට දේශපාලන පක්ෂ නියෝජතයන් වන එස් ශ්‍රීධරන් / සෙල්වම් අෙඩෙක්කලනාදන් සහ ආනන්ද සංගරී ඇතුලු පිරිසක් ද එක්ව සිටින බව සඳහන් වේ.

(Visited 15 times, 1 visits today)

කාටූන්

ජයාරූප