දයාසිරි-අර්ජුන උණුසුම් වචන හුවමාරුවක් ..ක්‍රීඩා අමාත්‍යාංශයත් ඔබ ගන්න..දයාසිරි අර්ජුනට කියයි…

අද (29) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ බව වාර්තා වනවා.

ඒ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ සුගතදාස ජාතික ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය නැවත එළීම සඳහා ටෙන්ටර් කැඳවීමේ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සාකච්ඡාවට ගත් අවස්ථාවේදීයි.

එහිදී අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා ඇත්තේ ඇමති අර්ජුන ඇමතිතුමා හැමදේකටම අත ගහන්න එන බවයි.

එහිදී අර්ජුන අමාත්‍යවරයා කියා ඇත්තේ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයට කෘත්‍රිම ධාවන පථයක් අවශ්‍ය නමුත් මේ ටෙන්ඩර් ක්‍රියාවලියේ ගැටළු තැන් පවතින බවයි.

තමන් ඒවා පෙන්වා දෙන්නේ යුතුකමක් විදියට පෙන්වා දෙන බව පවසා ඇති අර්ජුන අමාත්‍යවරයා තීරණ ගැනීම ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසට භාර බව සඳහන් කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ වැරදි විදියට දෙයක් වෙනවා නම් ඒවා පෙන්වා දීමේ වගකීම තමන්ට තිබෙන බවයි.

එහිදී දයාසිරි අමාත්‍යවරයා “මෙතුමා හැම වෙලාවෙම බුකිකාරයෝ කිය කියා බනිනවා. එකට ඉන්න කොට හොඳයි. දැන් හොඳ නෑ.” යනුවෙන් පැවසු විට

අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කර ඇත්තේ

“ජනාධිපතිතුමනි, ක්‍රීඩා ඇමැතිතුමාගේ කථාවෙන්ම පේනවා බුකිකාරයෝ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්නවා කියලා. එතුමාම බුකිකාරයෝ ඉන්නවා කියලා පිළිගන්නවා.” යනුවෙන්.

” මෙතුමා වරායෙත් ක්‍රිකට් ගැහුවා. පෙට්ට්‍රෝලියම් එකෙත් ක්‍රිකට් ගහනවා.”යනුවෙන් අමාත්‍ය දයාසිරි පවසද්දී අර්ජුන පවසා ඇත්තේ ” මම හැමදාම ක්‍රිකට් ගහනවා. කොහේ ගියත් ක්‍රිකට් ගනවා. මගේ ඇඟේ ක්‍රිකට් තියෙනවා. ක්‍රිකට් කියන්නේ මගේ ජීවිතේ වගේ. ක්‍රිකට්වලට හානියක් වෙනවා නම් මම කථා කරනවා.”කියායි.

එවිට “එහෙමනම් ඔබතුමා අමාත්‍යාංශය මාරු කර ගන්න ‘යනුවෙන් දයාසිරි අමාත්‍යවරයා සඳහන් කළ බව සඳහන්.

තමන් තමන්ට ලබා දුන් අමාත්‍යාංශයේ වැඩ කටයුතු හොඳින් කරගෙන යන බව පවසා ඇති අර්ජුන අමාත්‍යවරයා, අමාත්‍ය දයාසිරි සිය අමාත්‍යාංශයේ වැඩ නොකර අනුන්ගේ අමාත්‍යාංශ ගැන හොයන බවට චෝදනා කර තිබෙනවා.

“මෙච්චරකල් මම කට පියාගෙන හිටියා”යනුවෙන් අර්ජුන කියා සිටියදී අමාත්‍ය දයාසිරි යලිත් පවසා ඇත්තේ “එහෙනම් මේ අමාත්‍යාංශය ඔබතුමාම ගන්න’ කියායි.

“නෑ, එහෙම අමාත්‍යාංශ මාරු කරගන්න අවශ්‍යතාවක් නැහැ. දැන් තියෙන අමාත්‍යාංශයත් එක්ක ක්‍රීඩා අමාත්‍යාංශය දුන්නොත් මම ගන්නවා. මම මේ කථා කරන්නේ ක්‍රීඩාව ගැන හිතලා. එහෙම කථා කරන්න මට අයිතියක් තියෙනවා.” යනුවෙන් තවතවත් කතාබහ උණුසුම්ව දික් ගැස්සෙද්දී ජනාධිපතිවරයා ඊට මැදිහත් වි තිබෙනවා.

ඉදිරියේදී මේ ගැන සාකච්ඡා කරමු යනුවෙන් ජනපති සඳහන් කිරීමත් සමග උණුසුම් වාග් සංග්‍රාමය නතර වී තිබෙනවා.

(Visited 17 times, 1 visits today)

කාටූන්

ජයාරූප