නව නායකයා මහින්ද! ජනවාරි 2 දා නව යුගය ඇරබේ.

ඒකාබද්ධ පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා එළබෙන ජනවාරි 2 වැනිදා ලැබෙනු ඇති.ඒ මහතා නිල වශයෙන් පොහොට්ටුවට ඉදිරිපත්නොවූ අතර 2 දා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන සමුළුවේදී එතුමා නායකත්වය නිල වශයෙන් ලබාගැනීමට ඉඩ ඇති බව විශ්වාස ආරංචි මාර්ග සදහන් කර සිටී.

ඒකාබද්ධ පොදුජන පෙරමුණට සහයෝගය දෙන සියලු පක්ෂ මෙම සමුළුවේදී එතුමා සමග අත්වැල් බැදගනු ඇති.මෙම සමුළුව ශ්‍රී ලංකා දේශපාලනයේ ඇති විශේෂ තැනක් ගන්නා අතර මැතිවරණ සටනේ හැරවුම් ලක්ෂය කොලබින් පටන් ගෙන රට පුරා මෙම රැල්ල හමා යනු ඇති.

(Visited 7 times, 1 visits today)

කාටූන්

ජයාරූප