නැවි නැවි නටල හොරකම යට ගහපු අගමැති ගැන හිටපු ජනපති කියයි.

අද පැවති ජනහමුවකදී පසුගියදා අග්‍රාමාත්‍ය වරයා විවාහ උත්සවයකදී පැවැත්වූ රංගනය ගැනත් එහි සැගවුණු රහසක් ගැනත් හිටපු ජනපති පැවසු අදහස් පහතින් දැක්වේ.

“මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනි. මේ ආණ්ඩුව බලයට පත්වුණේ කියන්න තියෙන ඔක්කොම බොරු සහ අපහාස කරලා. මිනිසුන් රවට්ටලා. ජාතියක් රවට්ටලා. එහෙම රවට්ටලා බලයට පත්වෙච්ච ආණ්ඩුව අද මොකද කරලා තියෙන්න.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මහත්තයාගේ ප්‍රතිපත්තිය සම්පුර්ණයෙන් පාවාදීල එදා පනස් ගණන්වල බණ්ඩාරනායක මහත්තය එලියට ඇවිල්ල එක්සත් ජාතික පක්ෂයෙන් ඩි. ඒ. රාජපක්ෂ මහත්තයල එක්ක හදාගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තගේ කකුල් දෙක ගාව තියල ඒකට පුජාවක් පැවැත්වුවා. එදා තමයි බණඩාරනායක මහත්තය දෙවැනි පාරට ඝාතනය කලේ කියල අපි විශ්වාස කරන්නේ. දැන් බලන්න මේ ආණ්ඩුව මොකද කරලා තියෙන්නේ. මහා බැංකුව මංකොල්ල කෑවා. කොමිසන් සබාවෙන් වාර්තාව නිකුත් වුණා. මේවට මොනවා කරාද කියල කවුරුත් දන්නේ නැහැ දැන්. රනිල් වික්‍රමසිංහ රටේ ජනතාව රැවට්ටුවා. එතුමා ඊට ඉස්සෙල්ල දවසේ නැටුවා. නැවි නැවි නැටුවා. නටලා පෙන්නුවා.ඒක ඉතා ලස්සන වැඩක්. හේතුව මොකක්ද? අපි ඒ නැටුම ගැන කතා කලා. මොකද හොරකම එලියට ආවා. මහා බැංකු හොරකම යට ගහලා අපි දැන් කතා කරන්නේ අර නැටුම ගැන.”

(Visited 5 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්