නිදහස් පක්ෂයේ පිරිසක් අපි එක්ක එනවා…මට උදව් කරපු මිනිස්සු අමතක කරන්න බෑ !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ සමස්ත ලංකා පළාත් පාලන සංසදයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (22) පැවැත් විනි..

එහිදී හිටපු ජනපති පවසා සිටියේ ශ්‍රීලනිප පිරිසක් තමන් හා එකතුවන බවත් තමුන්ට ඉස්සර උදව් කරපු මිනිස්සුන්ව අමතක කල නොහැකි බවත්ය.

ඊට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටියහ. අදාළ සාකච්ඡාවේදී පළාත් පාලන මැතිවරණය සදහා පොදුජන පෙරමුණෙන් තරඟ කළ යුතු බවට හිටපු ජනාධිපතිවරයාට මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කළ බවයි සමස්ත ලංකා පළාත් පාලන සංසදයේ කැදවුම්කරු උදේනි අතුකෝරාල කියා සිටියේය.

(Visited 7 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප