නිදහස් පක්ෂ කොළඹ නගරාධිපති අපේක්ෂකයා වන ලෙස ජනපති – අසාද් සාලිගෙන් ඉල්ලයි!

ජාතික සමගි පෙරමුණේ නායක අසාද්සාලී මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ මහ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වැදීමට සුදානම් වන බව වාර්තා වේ.

මේ පිලිබඳ අසාද් සාලි මහතා දක්වා ඇත්තේ ජනාධිපතිතුමා එවන් ඉල්ලීමක් ඔහුගෙන් කර ඇති බවයි.තවදුරටත් කරුණු දක්වමින් ඔහු පවසා ඇත්තේ තවමත් ශ්‍රී ලනිපයෙන් මේ පිලිබඳ තීරණයක් ගෙන නොමැති බවත් ඉදිරියේදී රැස්වන පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ ගැන තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවත්ය.

මෙයට පෙර එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වරයා ලෙස අසාද් සාලි මහතා කටයුතු කරන ලදී.

(Visited 5 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප