නිදහස් සන්ධානයේ සියලු පක්ෂ තනි තනිව මැතිවරණයට ඉදිරිපත් වීමට යයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී සාකච්ඡා කර තිබේ.
අද(05) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡා පැවත් විය.
එහිදී සන්ධානයේ පක්ෂ වෙන් වෙන්ව තරග කිරීමට ඉදිරිපත් වු යෝජනාවට එකඟතාවය පළ වු බව අද දෙරණට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
පැය 2 හමාරක් පමණ මෙම සාකච්ඡා පැවත් වු බව සඳහන් වෙයි.
මේ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන හා ආරුමුගම් තොන්ඩමන් වැනි අය ද සහභාගී වී ඇත.
මෙහිදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා පැවැත්වූ බව ඊට එක් වූ මැති ඇමතිවරුන් සඳහන් කළේ.

(Visited 3 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප