නීතිය නමන්න ගිය පොලිසිය නිරුවත් කල ගෝඨා ගැන නාලක ගොඩහේවාගේ ප්‍රකාශයක්.

නීතිය නමාපු හැටි සහ නීතිය නමන්න ගොස් නිරුවත් වූ අය ගැන නාලක ගොඩහේවා මහතා සම්මන්ත්‍රණයකදී කල ප්‍රකාශයක් පහතින් ඒ මහතාගේ වචන වලින්ම දැක්වේ.
“ඒ කාලේ කතා කලා සුදු වෑන් ගැන. දැකපු සුදුවෑන් එකක් හොයපු සුදු වෑන් එකක් අද වන තුරු නෑ.
මහා දවල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් තරුණයෝ උස්සන් ගිහිල්ල ගුටිබැට දෙනවා.විනාඩි කිහිපයක් ඇතුලත ඇප ලැබෙනවා.දඩුවම ලැබෙන්නේ අත්හිටවූ සිරදඩුවම්.නීතිය ඒ තරමට නමන්න පටන් අරන්.

ත්‍රස්තවාදීන් විසින් පොදු දේපල විනාශ කරන නිසා තමයි ඊට එරෙහිව පොදු දේපල පනත හදුන්වල දීල තිබුනේ.පොදු දේපල පනත යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තොත් අප දෙන්නට මහේස්ත්‍රාත් උසාවියට බලයක් නෑ විශේෂ හේතුවක් නැතිව.ඒ නිසා තමා හැම කෙනෙක්වම පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගන්නේ.

දැන් ඒක බොරුවක් කියල ඔප්පූ උනා ගෝඨාබය මහත්තය අත්අඩංගුවට ගන්න ගියාම.
ගෝඨාබය මහත්තය අභියාචනාදිකරණයට ගියාම අභියාචනාධිකරණය කිව්වා මේ වගේ නඩුවකට පොදු දේපල පනත යටතේ නඩු දාන බෑ කියල.පලවෙනි වතාවට පොලිසියේ නිරුවත හෙලිඋනේ අභියාචනාධිකරණයට ගෝඨාබය මහත්තය ගිය නිසා.ඔබට පේනවා නේද රජය මොනතරම් අසාධාරණ විධියට නීතිය නමනවද කියල.”

(Visited 15 times, 1 visits today)

කාටූන්

ජයාරූප