පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙයි .

පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙයි .
 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක රැස්වීමක් ඊයේ රාත්‍රියේ පක්ෂයේ සභාපති ජනපති මෛත්‍රීපාලසිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි .මෙහිදී
 ඉදිරි පළාත්පාලන මැතිවරණය පිළිබඳව මෙන්ම රටේ වත්මන් තත්වය පිළිබඳවද කරුණු සාකච්චාවට ගැනුනා .

මෙහිදී සාකච්චාවට සහභාගී වූ ලක්ෂ්මන් යපා අබේගුණවර්ධන මහතා පල කල අදහස් කිහිපයක් :
 

පුළුල් ලෙසම අපි සකච්චාකලේ පළාත්පාලන මැතිවරණය පිළිබඳවයි .දිස්‌ත්‍රික් මට්ටමින් සියලුම අය කොට්ටාසවලට නියෝජිතයන් තෝරලා අවසන්කළ යුතුයි කිවුවා අධිකරණය දෙන තීන්දුවත් එක්ක අපි කටයුතු කරමු කියල ජනාධිපතිතුමා කිවුවා .ඒවගේම අපි සාකච්චා පවත්වාගෙන යනවා . අපේ හිටපු අගමැති      දී .මූ. ජයරත්න මහතා කියාසිටියේ අපේ පක්ෂය ඕන තරම් බෙදිලා තියෙනවා. මීට වඩා අසීරු කාල වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එක් වුණා  කියලා. රට ඉතුරු වෙලා තියෙන්නේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා කියල මතක තියාගෙන අපි කටයුතු කරමු කියලත් ඒ මහතා වැඩිදුරටත් කිවුවා. එවගේම අවසානවශයෙන්  හැම ප්‍රශ්නෙකටම ඉතා ඉවසීමෙන් කටයුතු කිරීම සන්බන්ධයෙන් එතුමා ජනාධිපතිතුමාට ස්තුති කළා .

(Visited 7 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප