පරාජයන්ට චාලි ඔස්ටීන් හෝ තමන් වගකිව යුතු බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරනවා!

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම පරාජයන්ට චාලි ඔස්ටීන් හෝ තමන් වගකිව යුතු බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් , ඒවා තමන්ගේ කීර්ති නාමය හානි කිරීමට කරන ඒවා බව  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පවසයි.

චාර්ලි ඔස්ටින් පිළිබඳව එල්ලවන චෝදනා පිළිබදව විමර්ශනයක් කරන්නැයි ඔහු මෙහිදී කියා සිටියේය.

ස්කයිප් තාක්ෂණ ඔස්සේ මාධ්‍ය අමතමින් සංගක්කාර මහතා කොළඹදී ඊයේ (12) මේ බව පැවසුවේය.
පකිස්ථානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ ප්‍රහාරය පිළිබඳවද විමර්ශන කළ යුතු බව සංගක්කාර මහතා ප්‍රකාශ කරන්නේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව එම අවස්ථාවේදී අවධානය යොමු කළේද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව සංගක්කාර මහතා පවසයි.
කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්,නිරෝෂන් දික්වැල්ල,උපුල් තරංග,දිනේෂ් චන්දිමාල්,අසේල ගුණරත්න,දිල්රුවන් පෙරේරා,සීක්කුගේ ප්‍රසන්න,සුරංග ලක්මාල්,ලසිත් මාලිංගසහ නුවන් කුලසේකර යන ක්‍රීඩකයින්ගේ කළමණාකරු වන්නේ  චාලි ඔස්ටීන්ය.
අර්ජුන රණතුංග මහතාට තමා අදටත් බෙහෙවින් ගරු කරන බවත් නමුත් ඒ තුළින් ඔහුගේ මතයන් අනුමත නොකරන බවද කියා සිටි සංගක්කාර මහතා වැඩි දුරටත් කියා සිටියේ ඕනෑම අයෙකුට ඕනෑම මතයක් දැරීමේ අයිතියක් පවතින බවයි.

(Visited 9 times, 1 visits today)

කාටූන්

ජයාරූප