පාකිස්තානය ශූරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

ශූරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට පකිස්ථානය අද සමත්වුනා.

ඒ එංගලන්තය සමග පැවති අවසන් පුර්ව තරගය කඩුලු 8 කින් ජයග්‍රහණය කරමින්

කාසියේ වාසිය දිනු පකිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 49 යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 211ක් රැස් කළා.

ජෝ රූට් 46 යි. ජොනී බැරිස්ටෝ 43 යි. ඔවන් මෝගන් 33 ක් සහ බෙන් ස්ටෝක් 34 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී හසන් අලි කඩුලු 3 ක් සහ ජුනයිඩ් ඛාන් කඩුලු 2 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 37 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අසාර් අලි 76 යි. ෆකාර් සමන් ලකුණු 57 ක් ලබාගත්තා. බාබර් අසාම් නොදැවී 38 ක් ලබා ගත්තා.

මෙම ජයග්‍රහණයත් සමග පකිස්ථානය ශූරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර හෙට ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම පකිස්ථානය සමග අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත

(Visited 21 times, 1 visits today)

කාටූන්

ජයාරූප