පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සහ සබරගමු හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් පොහොට්ටුවට එක්වෙයි.

එක්සත් නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සහ සබරගමු හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරු අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පලකිරීමට එක්වුණා.

හිටපු ජනාධිපති වරයාගේ ප්‍රදානත්වයෙන් රත්නපුරයේ සහ කෑගල්ලේ දී පවතී  ජනහමු දෙකකදී.
පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුරයේ පැල්මඩුල්ලේ සංවිධාන කර තිබු ජන රැළිය අද පෙරවරුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.එහිදී  සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වුණා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජන හමුවක් අද පස්වරුවේදී කෑගල්ල ප්‍රදේශයේදී පැවැත්විණි.

එහිදී  සබරගමු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කරමින් පොදුජන පෙරමුණේ වේදිකාවට එක්වුණා.

(Visited 3 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්