පෙළ පොත් දීගන්න බැරිව ටැබ් දෙන්න කතා කරන අධ්‍යාපන ඇමති

ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය පාසැල් පෙළපොත් ඉල්ලුමෙන් අඩක් ක් පමණක් ලබාදීම නිසා දරුවන්ට පාසල් පෙළපොත් මිල දී ගැනීමට අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තු අලෙවිසැල්වල දිගු පෝළිම් දැකිය හැකි බව ලංකා ගුරු සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ.

එය මෙසේය,

පාසල් පෙළපොත් මුද්‍රණයට රජය රුපියල් මිලියන 2500 ක පමණ මුදලක් වියදම්කර සමස්ත පාසල් පද්ධතියට අවශ්‍ය ලෙස පෙළපොත් මුද්‍රණය කළ බව පැවසුවද 2018 වසර සඳහා පාසල්වලට පෙළපොත් ලබාදෙන ලද්දේ පෙළපොත් අවශ්‍යතාවයෙන් 50% ක් පමණි. මේ නිසා සමස්ත පාසල් දරුවන්ගෙන් 50% කට 2018 වසර සඳහා අලූත් පෙළ පොත් නොලැබුණි. මේ තත්වය මත දරුවන්ට අවශ්‍ය පෙළපොත් මිල දී ගැනීමට අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තු අලෙවිසැල්වල මේ දිනවල දිගු පෝලීම් පවතී. මෙවර පෙළපොත් මුද්‍රණයේදී පෙළපොතේ මිල සඳහන් කර ඇති අතර, සමස්ත අවශ්‍යතාවයට පෙළපොත් මුද්‍රණය කර ඉන් 50% ක් පමණක් පාසල්වලට ලබාදී ඉතිරි පෙළ පොත් විකිණීම මේ අනුව සිදු වේ. මෙය මෙතෙක් කලක් දරුවන්ට නොමිලේ ලබාදුන් පාසල් පෙළපොත මුදලට විකිණීමේ උපක‍්‍රමයකි.

දැනටමත් පාසල්වල නඩත්තුවට මුදල් ගෙවන දරුවන්ට සිදුව ඇත්තේ මේ තත්වය තුළ පෙළපොතට ද මුදල් ගෙවීමටයි. පෙළපොත මුදලට ගත නොහැකි දරුන්ට සිදුව ඇත්තේ පාසල්වල භාවිතා කර ඉවත දැමීමට නියමිත ඉරී කැඞී බිදී ගිය පෙළපොත් භාවිතයට ගැනීමටය.

මහජන මුදලින් රුපියල් මිලියන 2500 ක් පෙළපොත් මුද්‍රණයට වියදම් කර පාසල් දරුවන් පෙළ පොත් මුදලට ගැනීමට යොමු කිරීමෙන් පැහැදිලි වන්නේ අධ්‍යාපනයට විශාල මුදලක් වෙන් කළා යයි පුරසාරම් දොඩමින් රජය පාසල් දරුවන්ගේ පෙළපොතින් මුදල් උපයන ආකාරයයි. මෙය මුළුමනින්ම පාසල් පොළපොත මුදලට විකිණීමේ කි‍්‍රයාවලියක ආරම්භයකි. පාසල් පෙළ පොතේ මිල මුද්‍රණය කර තිබීම පිළිබඳව විමසූ විට අධ්‍යාපන බලාධාරීන් ලාබදුන් පිළිතුරු වූයේ පොතේ වියදම දරුවන්ට දැනගැනීම සඳහා එසේ මුද්‍රණය කරන බවයි. එහෙත් සිදුකර ඇත්තේ පෙළපොත් විකිණීම සඳහාම මිල සටහන් කිරීමක් බව මේ තත්වය තුළ මනාව පැහැදිලි වේ.

අධ්‍යාපනයට 6% ක් වෙන්කර නිදහස් අධ්‍යාපනය සුරැුකීමට පොරොන්දු දෙමින් බලයට පත් වත්මන් රජය පාසල් පෙළ පොත් මිලදී ගැනීමට සැලැස්වීමේ මෙම කි‍්‍රයාවලියට දැඩි විරෝධය පළ කර සිටින ලංකා ගුරු සංගමය දරුවන්ට නොමිලේ ලබාදුන් පාසල් පෙළ පොත් විකිණීමේ මෙම ප‍්‍රයෝගකාරී පිළිවෙත වහා අත්හිටුවා මුද්‍රණය කර ඇති පෙළ පොත් පළමු පාසල්වාරය ඇරඹීමට පෙර පාසල් දරුවන්ට නොමිලේ ලබාදීමට කටයුතු කරන ලෙස රජයට බලකර සිටී. එසේම පාසල් දරුවන්ට නොමිලේ ලබාදුන් පෙළපොත විවිධ ප‍්‍රයෝගකාරී කි‍්‍රයා ඔස්සේ මුදලට විකිණීම වහා අත්හිටුවා පාසල් දරුවන්ට නොමිලේ පෙළපොත් ලබාගැනීමේ අයිතිය තහවුරු කරන ලෙසද ඉල්ලා සිටී.

මෙයට

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්

(Visited 10 times, 1 visits today)

කාටූන්

ජයාරූප