පොහොට්ටුවේ බදුලු රැලිය අති සාර්ථකයි…බදුලු UNP කණුවක් හිටපු ජනපති පාමුල..

ඒකාබද්ධ විපක්‍ෂය විසින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලිකත්වයෙන් දිස්ත‍්‍රික් මට්ටමින් පවත්වන ප‍්‍රධාන ජනරැළි මාලාවේ බදුල්ල දිස්ත‍්‍රික් රැළිය අද (04) දින බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වින.

‘දිනන සටනේ ඇරඹුම’ නමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වින.

මහාචාර්ය ජී.එල්. පීරිස්, ගාමිණි ලොකුගේ, කෙහෙලිය රඹුක්වැල්ල, එස්.එම්. චන්ද‍්‍රසේන,ප‍්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, අරුන්දික ප‍්‍රනාන්දු ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රිවරුන් සහභාගී වී සිටියහ.

මෙහීදී සිදුවූ සුවිශේෂී සිදුවීම වුයේ එක්සත් ජාතික පක්‍ෂ ඌව පළාත් සභා මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ඒකාබද්ද විපක්‍ෂය සමග එක් වීමයි.

කුට්ටිආරච්චි මහතා එහිදී වේදිකාවට ගොඩවී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ දෙපා නමැද ඒකාබද්ද විපක්ෂය එක්විය.

මීළඟට ඒකාබද්ද විපක්‍ෂය දිස්ත‍්‍රික් රැළිය පැවැත්වීමට නියමිත කෑගල්ලේ බව සදහන් වේ.
එම රැලියේදී ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකු ධුරයන් අතහැර විපක්‍ෂයට එක්වනු ඇති බවද වාර්තා වේ.

ඒකාබද්ද විපක්‍ෂය ඉදිරියේදී පවත්වන සියළුම ප‍්‍රධාන දිස්ත‍්‍රික් රැළිවලදී ආණ්ඩුවේ පිරිස් ඒකාබද්ධ වේදිකාවට ගොඩවීමට නියමිත බව පැවසේ.

(Visited 11 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප