පොහොට්ටුව කෙසේ හෝ බලය ලබා ගන්නවා!

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාවලපිටිය පස්බාගේ කෝරලයේ සහ නාවලපිටිය නගර සභාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් නාම යෝජනා මහනුවර දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලය වෙත භාර දිමෙන් පසු මහනුවර දිස්ති‍්‍රක් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර මහින්දානන්ද අළුගමගේ මහතා ඇතුළු එම පක්ෂයේ අපේක්‍ෂකයන් පිළි ගැනිම සඳහා නාවලපිටිය නගරයට අද (12) පස්වරුවේ විශාල ජනතාවක් පැමිණ තිබේ.
නාවලපිටිය නගර මධ්‍යයට පෙළ පාලියකින් පැමිණි එම පිරිස අමතමින් මහින්දානන්ද අළුගමගේ මන්ති‍්‍රවරයා කියා සිටියේ නාවලපිටිය පළාත් පාලන ආයතන දෙක ඇතුළු මධ්‍යම පළාතේ පාලන ආයතන කිහිපයකම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ බලය ලබා ගන්නා බවයි.
(Visited 7 times, 1 visits today)

කාටූන්

ජයාරූප