බැදුම්කරේ ගැන සරත් අමුණුගම ගෙන් රවීට පිළිතුරු!!

බැදුම්කර වාර්තාව විවේචනය කිරීමට කිසිදු හේතුවක් නොමැති බව අමාත්‍ය සරත් අමුණුගම පවසයි .

මහනුවර ප්‍රදේශයේදී අමාත්‍යවරයා ඊයේ මේ බව සඳහන් කළේ හිටපු අමාත්‍ය රවී කරුණානායක බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ පළ කළ විවේචනවලට පිළිතුරු ලබාදෙමිනි

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෑත කාලයේදී එළිදැක්වූ ඉතාමත් මධ්‍යස්ථා ඉතාම වැදගත් කොමිසන් සභා වාර්තාවක් ලෙස බැඳුම්කර කොමිසමේ වාර්තාව හැඳින්විය හැකි බවයි.

යහපාලන ආණ්ඩුවේ අමාත්‍යාංශ වෙන් කරගැනීම සම්බන්ධයෙන් ගැටළු පැවතියේ නම් මීට වසර 3 කට පෙර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුව තිබූ බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය .

(Visited 4 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප