බැදුම්කරේ වහගන්න රනිල් ගහන ගේම ගැන ජි.එල් පීරිස් රටට හෙළිකරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද මාධ්‍ය හමුවක් කැදවා තිබුනා.

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජි.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ.

“කොමිසන් වාර්තාවේ පැහැදිලිව සදහන් වෙනවා රවී කරුණානායක හිටපු මුදල් ඇමතිවරයට විරුද්ධව ක්‍රියාමාර්ග කිහිපයක් ගත යුතුයි කියල. අපි හොදටම දන්නවා රනිල් වික්‍රමසිංහ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ රවිට විරුද්ධව. එහෙම නොකරන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති තුමා හොදටම දන්නවා ඒ  විදියේ පියවරක් රවිට විරුද්දව ගත්තොත් රවී දන්න දේවල් එලියට දානවා.රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒකට බයයි.රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටට කියනවනම් මම නිර්දෝෂී කියල. එහෙනම් අපි එතුමාට කියනවා මේ පියවර ගන්න කියල.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2015 වේ මාර්තු 17 වැනිදා පාර්ලිමේන්තුවට කරපු ප්‍රකාශය. ඉතාමත් ගාම්බීර ප්‍රකාශයක්. ඒකෙ සදහන් වෙනවා මේකේ කිසිම වරදක් නැහැ කියලා.අපි විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ තනතුරේ සිටින තාක් රටට පිළිගන්න පුළුවන් ස්වාධීන පරීක්ෂණයක් කෙරෙන්නේ නැහැ. එතුමා පොලිසිය පාලනය කරනවා නීතිපති දෙපාර්තුමේන්තුව පාලනය කරනවා.විගණකාධිපති ගෙනල්ල ඒ විගණකාධිපතිට දොස් පැවරුවා. දැන් නීතිපති දෙපාර්තමේන්තුව තුල මොකක්ද වෙන්නේ. දප්පුල ද ලිවේරා හා  යසන්ත කෝදාගොඩ ඒ කියන්නේ බැදුම්කර කොමිසමේ සාක්ෂි ගන්න විට එඩිතරව ඒ කියන්නේ දේශපාලන බලපෑම් වලට යටත් නොවී තමන්ගේ රාජකාරිය බොහොම නිර්මල විධියට කරපු නිලදාරීන් දෙන්නෙක්.දැන් බැදුම්කර කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කරන කර්තව්‍යයෙන් ඒ දෙන්නා සම්පුර්ණයෙන් ඉවත් කරලා තියෙනවා.ඒ දෙන්නා ඉවත් කරලා මේක බාරදීල තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ සිවිල් අංශයට.”

(Visited 8 times, 1 visits today)

කාටූන්

ජයාරූප