බැදුම්කරේ හෙළිවූ කෝප් සාමජිකයින් ගැන තීරණයක් ගැනීමට කරූ නිතී උපදෙස් පතයි!

ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේදී නම් හෙළිදරව් වූ කෝප් කමිටු සාමාජික මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව කථානායකවරයා නීති උපදෙස් අපේක්ෂා කරන බව වාර්තා වේ.

විශේෂයෙන් අදාළ කෝප් කමිටු සාමාජිකයන් අර්ජුන් ඇලෝසියස් සමග පැවැත්වූ දුරකථන සංවාද හෙළිදරව් කළ යුතුද යන්න පිළිබඳව මෙලෙස නීති උපදෙස් පතා ඇත .

මෙවැනි සිද්ධියක් සඳහා පුරෝකථනයක් නොමැතිවීම ඊට හේතුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික දුරකථන දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කිරීම වරප්‍රසාද කඩකිරීමක් බවට චෝදනා එල්ලවූ මන්ත්‍රීවරුන්ද කථානායකවරයා හමුවේ කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ .

ඒ අනුව මේ පිළිබඳව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේද සොයාබැලීමක් සිදුකරනු ඇති බව වාර්තා වේ.

මේ අතර ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට දිනයේ පෙනී සිටීමට නියමිතයි.

(Visited 4 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප