බැදුම්කර කොමිසමේ වාර්තාව ජනපති අතට

 

 

ප්‍රශ්නගත බැදුම්කර කොමිසමේ වාර්තාව එහි සභාපති චිත්‍රසිරි මහතා විසින් ජනාධ්පති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද බාර දෙන ලදී.කොමිසමේ සෙසු සාමාජිකයන් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනුසුරු  ප්‍රසන්න ජයවර්ධන  විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්ධසාමි සහ කොමිසමේ ලේකම් උඩුගමසුරිය යන මහත්වරුන්ද ඒ සදහා සහබාගී විය.අද බාර දුන් එම වාර්තාව පිටු 1000 කට අධිකයි.

2015 පෙබරවාරි 27 වැනිදා  නිකුත් කල බැදුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුවූ බව සමාජයේ දැඩි කතා බහක් ඇති විය. එම බැදුම්කර නිකුතුව පිළිබධ විගණකාධිපති විසින් ඉදිරිපත් කල විශේෂ විගණන වාර්තාවේ දැක්වුණේරජයට සිදුව ඇති රුපියල් බිලියන 1.6 ක අවාසියක් වලක්වා ගැනීමට කටයුතු කර නොමැති බවයි.

අදාළ විගණන වාර්තාව පදනම් කර ගනිමින් පොදු ව්‍යාපාර පිළිබද කාරකසභාවද විමර්ශනයක් සිදු කලා.එම වාර්තාව පසුගිය වසරේ ඔක්තෝබර් 28 වැනිදා පාර්ලි‌‌මේන්තුවට ඉදිරිපත් කලා.

මේ සම්බන්ධව සිදුවූ දේශපාලන සහ සමාජීය බලපෑම් හමුවේ ජනාධ්පති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම වසරේ ජනවාරි 27 වැනිදා ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරනු ලැබුවා.එම කොමිසම  පෙබරවාරි 6 වැනිදා පළමු වරට රැස්වනු ලැබුවා. පෙබරවාරි 26 වැනිදා මහා බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය කුමරශ්වාමි මහතා කොමිසම හමුවට කැදවා සාක්ෂි විමසනු ලැබුවා.ඉන් අනතුරුව  මුදල් අමාත්‍යංශ ලේකම් වරයා ,කෝප් කමුටුවේ සභාපතිවරයා, මහබැංකුවේ හිටපු අධිපති වරයා, පර්පචුඅල් සමාගමේ ප්‍රධාන විධායක වරයා , විගණකාධිපති වරයා අමාත්‍යවරුන් වන රවී කරුණානායක , කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම ඇතුළු පිරිසගෙන්ද ඇතුළුව අවසන් වරට අග්‍රාමාත්‍ය වරයාගෙන්ද කොමිසම සාක්ෂි සටහන් කරගත්තා.

අද ජනාධිපති වරයාට බාරදුන්වාර්තාව ඉදිරි කටයුතු සදහා නීතිපති දෙපාර්තුමේන්තුවට යොමු කෙරෙනු ඇති.

 

(Visited 7 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප