බැදුම් කර ගනුදෙනුවේ තවත් හඬපට රැසක් මුදාහැරේ!

ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළ හඬ පට රැසක් අද මාධ්‍ය වෙත මුදා හැර ඇත.

ඒ දූෂණ විරෝධී හඬ කොළඹ අද (01) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

බැඳුම්කර ගණුදෙනුව සිදුවූ 2015 වර්ෂයේ පෙබරවාරි 27 වනදා පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන රාජ්‍ය බැංකු සමඟ අදාළ බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් කළ සංවාදයක හඬපටයක් ද ඊට ඇතුළත් වේ.

එසේම, මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ කොටස් වෙළඳපොලෙහි නිලධාරින් මෙරට පොලී අනුපාතය ඉහළ යාම සම්බන්ධයෙන් සාකච්ඡා කරන හඬ පට කිහිපයක් ද මෙම මාධ්‍ය හමුවේදී මුදා හැර තිබේ.

මෙම මාධ්‍ය හමුවට දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ එක්ව සිටි අතර, එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ප්‍රශ්න ගත බැඳුම්කර සිද්ධියට සම්බන්ධ චූදිතයන්ට කඩිනමින් දඩුවම් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.

(Visited 5 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප