බැඳුම්කර කොමිසමට රනිල් දුන් පිළිතරු මෙන්න..

බැඳුම්කර කොමිසමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්, නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය ඇසූ ප‍‍්‍රශ්ණ හා ඔහු දුන් සියළු පිලිතුරු මෙන්න..
නීතිපති: අර්ජුන් මහේන්ද්‍රන්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කළේ ඔබ ද?
රනිල්: ඔව් මම තමයි.
නීතිපති: අර්ජුන් මහේන්ද්‍රන්ව පත් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඔබ බාර ගන්නා බවට මාධ්‍ය ඉදිරියේ ඔබ පවසා තිබෙනවා ද?
රනිල්: ඔව් මම පැවසුවා.
නීතිපති: අර්ජුන් මහේන්ද්‍රන්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරීමට පෙර ඔහු සිංගප්පූරු පුරවැසියෙක් බව ඔබ දැන සිටියා ද?
රනිල්: ඔව් මම දැන සිටියා.
නීතිපති: එසේනම් සිංගප්පූරු පුරවැසියෙක්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරීම මගින් ආයතන සංග්‍රහය සහ ශ්‍රී ලංකා ආයතන පරිපාලන නීති රෙගුලාසි උල්ලංඝනය වෙන බවත් ඔබ දන්නවා ද?
රනිල්: පිළිතුරු දීමෙන් වැළකී සිටියි.
නීතිපති: පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගම අයිති අර්ජුන් ඇලෝසියස් යනු තමන්ගේ බෑනා බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අදාල ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට පෙර ඔබට පවසා තිබුණා ද?
රනිල්: නැත
නීතිපති: එසේනම් අර්ජුන් ඇලෝසියස් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔබව නොමග යවා තිබෙනවා ද?
රනිල්: එසේ නොමග යැවූ බවට තොරතුරු මහා වෙත ලැබී නොමැත.
නීතිපති: ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවෙන දිනයේදී හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඔබට දුරකථන ඇමතුමක් දී තිබෙනවා. එහිදී ඔහු පැවසූයේ කුමක් ද?
රනිල්: මුලින්ම ඔහු අදාල නිකුතුව සිදුවූ බවට පැවසුවා. පසුව එහි වැඩිවිස්තරත් ලබා දුන් නා.
නීතිපති: ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සිදුවීමට විනාඩි 10 කට පෙරත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔබව අමතා තිබෙනවා. එහිදී පැවසූයේ කුමක් ද?
රනිල්: ඔහු පැවසූයේ යම් පුද්ගලික දෙයක්. බැඳුම්කර ගනුදෙනුවට කිසි සේත්ම එය අදාල නැහැ. කෙසේ නමුත් ඔහු පැවසූ දේ මට දැන් මතක නැහැ.
නීතිපති: ඔහු පැවසූ දේ ඔබට මතක නැතිනම් එය බැඳුම්කර ගනුදෙනුවට කිසි සේත්ම අදාල නොවන දෙයක් බව ඔබ නිශ්චිතවම පවසන්නේ කෙසේ ද?
රනිල්: පිළිතුරු දීමෙන් වැළකී සිටියි.
නීතිපති: බැඳුම්කර නිකුත්කර මුදල් රැස්කිරීම අවශ්‍යවූයේ ඇයි?
රනිල්: වත්මන් රජය බලයට පත් වීමේදී ආණ්ඩුව විසින් ජනතාවට පොරොන්දු ගණනාවක් ලබා දී තිබුණා. එම පොරොන්දු සඳහා මුදල් ‍රැස් කර ගැනීමට අවශ්‍යයි. එසම බැඳුම්කර නිකුත් කර මුදල් ලබාගෙන එම මුදල් රජයේ මූල්‍ය කටයුතු සඳහා යොදා ගැනීම මීට පෙර ආණ්ඩු මගින් පවා සිදුකළ කටයුත්තක්. එනිසා එහි විශේෂත්වයක් නැහැ. රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යද්දී රටේ තිබුණේ අධික ණය කන්දරාවක්. එම ණය පියවීමටත් මුදල් එකතු කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වුණා. පසුගිය ආණ්ඩුව සමයේ ගෙවිය යුතු මුදල් ගැන නිසි ගණන්හිලව් තිබුණේ නැහැ. එහෙත් අප නිසි ලෙස ගණන් හිලව් තබා තිබෙනවා. මෑතකදී ද සිංගප්පූර් සමාගමක් අධිවේගී මාර්ග සම්බන්ධයෙන් 2013 වසරේ කළ වැඩකට අදාළ බිල්පතක් එවා තිබුණා.
නීතිපති: රජයේ නිල කටයුත්තක් සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔබගේ පුද්ගලික ජංගම දුරකථනයට ඇමතූයේ ඇයි?
රනිල්: එදින මාව සම්බන්ධ කර ගත හැකිව තිබුණේ එම අංකයෙන් විතරයි. එසේම මම කෙළින්ම දුරකථනයට පිළිතුරු දෙන්නේ නැහැ. මාගේ සහායකයා පළමුව පිළිතුරු දෙනවා.
නීතිපති: පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගම ගැන ඔබ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවීමට පෙර දැන සිටියා ද?
රනිල්: මට එය ශ්‍රී ලංකාවේ ඇති දහසකුත් සමාගම් අතුරින් තවත් එක් සමාගමක් පමණයි. මම පසුව දැන ගත්තා හිටපු මහබැංකු අධිපතිවරයෙකුගේ නැගෙනියද එම සමාගමේ අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කර ඇති බව.
නීතිපති: එම හිටපු මහ බැංකු අධිපතිවරයාගේ නම කුමක් ද?
රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතීඥයා: විරෝධතාවය පළ කරමි. එය කිසි සේත්ම මෙයට අදාල නොවේ.
සභාපති: විරෝධතාවය පිළිගනිම්.
නීතිපති: අර්ජුන් ඇලෝසියස් සහ ඔබ අතර පසු කාලයේ දුරකථන ඇමතුම් තිබූ බව රහස් පොලිස් විමර්ශන වලින් පැහැදිළි වී තිබෙනවා. එසේනම් ඔහු එහිදී පැවසූ එකම දෙයක් වත් ඔබට මතක නැද්ද?
රනිල්: ඔහු වරක් පැවසුවා පර්පෙචුවල් ටෙශරීස් සමාගෙන් ඉවත් වෙලා ඔහුට අයිති මෙන්ඩිස් අරක්කු ව්‍යාපාරයේ කටයුතු කරන බව. නමුත් මම ඔහුට පැවසුවා මට අරක්කු අදාල නැහැ කියලා.
නීතිපති: කෙනෙක් තමන්ගේ අනාගත ව්‍යපාර කටයුතු තවත් කෙනෙකුට පවසන්නේ ඔහු අතිශය විශ්වාසනම් පමණයි. එසේනම් ඔහුගේ පුද්ගලික ව්‍යාපාර කටයුතු පවා ඔබට පවසන්නේ ඔබ ඔහුගේ අතිශය විශ්වාසවන්ත අයෙක් නිසා විය යුතුයි.
රනිල්: අරක්කු ෆැක්ටරියක් දාන බව කියන්න එච්චර විශ්වාසවන්ත වෙන්න ඕන නැහැ.
නීතිපති: පාර්ලිමේන්තු මන්ත්‍රී මහ්න්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාව සිටි ඔබ සෘජුවම සම්බන්ධ බවට.
රනිල්: මහින්දානන්ද අලුගමගේ මන්ත්‍රීවරයාට ඇති චෝදනා සම්බන්ධයෙන් නඩු ගොනුවක් පැවරීම සඳහා මේවනවිට නීතිපතිවරයා වශයෙන් ඔබතුමා සතුව සාක්ෂි තිබෙනවා. (සිනහවෙයි)
නීතිපති: කොමිසම විසින් ඔබ වෙත යොමු කරන ලද ප්‍රශ්නාවලියේ 12 වැනි ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔබ ප්‍රකාශ කර තිබෙනවා නේද රුපියල් බිලියන 13.55ක මුදලක් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම සඳහා අවශ්‍ය වූ බවක්?
රනිල්: එහෙමයි මා ප්‍රකාශ කොට තිබෙනවා
නීතිපති: 2015 මාර්තු මස 02 වැනි දින වන විට එම මුදල් ප්‍රමාණය පියවීම සඳහා 2015 පෙබරවාරි මස 27 වැනිදා ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය සිදු කිරීමට ඔබ නියම කළාද?
රනිල්: මා නියම කළේ නැහැ.
නීතිපති: ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව එවැන්නක් අනුමත කර නොමැති බව ඔබ දන්නවාද?
රනිල්: මා දන්නේ නැහැ.
නීතිපති: 2015 පෙබරවාරි 24 වැනි දින එම භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මෙම කරුණ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
රනිල්: මා දැන සිටියේ නැහැ.
නීතිපති: රජයේ මුදල් අවශ්‍යතාවන් කෙළින්ම දැනුම් දිය යුත්තේ මහ බැංකුවට නොව මහ භාණ්ඩාගාරයට බැවින් එම කටයුතු ඉහත දෙපාර්තමේන්තුව හරහා සිදුවිය යුතු බවවත් ඔබ දැන සිටියාද?
රනිල්: ඔව්. මා දැන සිටියා.
නීතිපති: ඔබ පිළිගන්නවාද 2015 පෙබරවාරි 24 හා 26 දිනවලදී මෙවැනි හදිසි මුදල් අවශ්‍යතාවක් ගැන සාකච්ඡා වී ඇති බව.
රනිල්: ඔව්. මා පිළිගන්නවා.
නීතිපති: අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඔබට ප්‍රකාශ කොට සිටි පසුවවත් අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම් හා මහ බැංකුව අතර සිදුවූ ගනුදෙනු අත්හිටුවීමට ඔබ යම් හෝ පියවරක් ගනු ලැබුවාද?
රනිල්: එය මහ බැංකු අධිපතිවරයාගේ කාර්යයක්.
නීතිපති: ඔබ යටතේ ඇති ශ්‍රී ලංකා මහ බැංකුවත් එහි අධිපතිවරයාගේ බෑනා කෙනකුත් අතර සිදුවූ එම බැඳුම්කර ගනුදෙනු රටටම ප්‍රශ්නයක් බවට පත් වුණද ඔබට එය ප්‍රශ්නයක් වූයේ නැති ද?
රනිල්: රටේ සියලුම මූල්‍ය කටයුතු පාලනය සම්පූර්ණයෙන්ම අයත් වන්නේ මට නොව පාර්ලිමේන්තුවටය.
නීතිපති: භාණ්ඩාගාරයේ අනුමැතියකින් හෝ අනුදැනුමකින් තොරව රජයට අවශ්‍ය මුදල් රැස් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට නීතිමය වශයෙන් ඉඩක් හෝ අවස්ථාවක් සැලසී තිබෙනවා ද?
රනිල්: මහ බැංකු අධිපති මහේන්ද්‍රනුත් භාණ්ඩාගාර ලේකම් එච්.එස්. සමරතුංගත් අගමැතිගේ ආර්ථික උපදේශක ආර්. පාස්කරලිංගම් යන තිදෙනා එකතු වී කතාබහ කොට එම කටයුතු සිදු කර තිබෙනවා.
නීතිපති: එසේනම් යම් අවස්ථා වලදී රජයේ මුදල් පරිපාලනය සිදුකර ඇත්තේ මුදල් අමාත්‍යාංශයෙන් නොව අර්ජුන් මහේන්ද්‍රන්, එච්.එස්. සමරතුංග සහ ආර්. පාස්කරලිංගම් යන තිදෙනා විසින් ද?
රනිල්: ඔව්
නීතිපති: එමගින් රජයේ වගකීම පැහැර හැරීමක් සිදුව ඇති බව ඔබ පිළිගන්නවා ද?
රනිල්: පිළිතුරු දීමෙන් වැළකී සීටි.
නීතිපති: බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ඔබ යම් උපදෙසක් ලබා දුන්නා ද?
රනිල්: බැඳුම්කර සෘජු ස්ථානගත කිරීම් සිදු කරනු වෙනුවට ප්‍රසිද්ධ වෙන්දේසි කිරීම සිදු කළ යුතු බවට මම ඔහුට උපදෙස් දුන්නා. එම උපදේස් අනුව නිසි ලෙස ක්‍රියාමාර්ග ගැනීම අර්ජුන් මහේන්ද්‍රන්ට බාර වූ දෙයක්.
නීතිපති: සෘජු ස්ථානගත කිරීම්වල සිට ප්‍රසිද්ධ වෙන්දේසි සඳහා යාමට ඔබ විසින් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට පැවසූ බව ඔබ ලිඛිතව ලබා දුන් පිළිතුරේත් තිබෙනවා. එය මූල්‍ය මණ්ඩලය විසින් ගත යුතුව තිබූ තීරණයකි.
රනිල්: ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලයේ හා රජයේ ප්‍රතිපත්ති ගැන විධාන දීමට රටේ අග්‍රාමාතයවරයා වශයෙන් මා හට හැකියි. මුල්‍ය බලය පාර්ලිමේන්තුව සතු ය.

(Visited 3 times, 1 visits today)

කාටූන්

ජයාරූප