බැඳුම්කර වංචාකරුවන් පෝරකයට

බැඳුම්කර වංචාකරුවන් පෝරකයට ගෙන යෑමට නීතීපතිවරයා කටයුතු කරන්නේ යැයි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා බැදුම්කර කොමිසම හමුවේ අද (26) පැවසීය.
 
නීතීපතිවරයා ගැලරියට කතා කරන බවට භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන්  පෙනී සිටින නීතීඥ හර්ෂ  ප්‍රනාන්දු මහතා මතු කළ කරුණට පිළිතුරු දෙමින් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එසේ පැවසීය.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කොට ඇති මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන්  සමන්විත  කොමසාරිස්වරුන්  හමුවේ සිදු කෙරිණි.
මහා බැංකුවේ සේවය කළ විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විෙජ්වර්ධන මහතා ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමින් සිටියදී ඇය විසින් ප්‍රශ්ණයක් නැගූ අවස්ථාවේදී නැගී සිටි නීතීඥ හර්ෂ  ප්‍රනාන්දු මහතා නීතීපතිවරයා කිසිවෙකු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයෙකු නොවිය යුතු බවත් ඔහුට ජනතාව වෙන්වෙන් වගකීමක් ඇතැයිද කීය.
ඒ අවස්ථාවේදී නීතීඥ හර්ෂ  ප්‍රනාන්දු මහතාට සිය ස්තූතිය පළ කළ ජ්්‍යෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය වැඩිදුරටත් විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විෙජ්වර්ධන මහතාගේ සාක්කි විමසීම සිදු කළ අතර දිනයේ කටයුතු අවසානයේ කොමිසම ඇමතූ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා නීතීඥ හර්ෂ  ප්‍රනාන්දු මහතා නීතීපතිවරයා සම්බන්ධයෙන් මතු කළ කරුණ පිළිබඳ පිළිතුරක් දීමට අවශ්‍ය බව කීය.
ඒ අනුව කොමිසම ඇමතූ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා නීතීපතිවරයා ගැලරියට කතා නොකරන බවත් නීතීපතිවරයාගේ උත්සහය වී ඇත්තේ බැඳුම්කර වංචාකරුවන් පෝරකයට ගෙන යෑම බවත් පැවසීය.
නීතීඥ හර්ෂ  ප්‍රනාන්දු මහතා කොමිසම අමතමින් මෙය කරුණු සෙවීම සඳහා පත් කළ කොමිසමක් බවත් මෙයට දඬුවම් දීමට බලයක් නොමැති බවත් පැවසීය.

(Visited 16 times, 1 visits today)

කාටූන්

ජයාරූප