බියර් මිල අඩුකිරීම ජනපති කියන කතා සමග පරස්පරයි!

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මතින් තොර රටක් යන සංකල්පය ක්‍රියාත්මක කරන මෙවන් වේලාවක 2018 අයවැය ලේඛනය තුළින් බීර මිල ගණන් අඩු කිරීම තුළ ප්‍රතිපත්ති වශයෙන් කිසිදු ගැළපිමක් නොමැති ක්‍රියාවක් බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
අද(14) කොළඹ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ශ්‍රි ලංකාව තුළ මත්පැන් පානය කරන පිරිස ලක්ෂ 20කටත් අඩු අගයක් ගන්නා බවත් එවැනි තත්ත්වයක් තුළ බීර මිල මෙම අයවැය තුළින් අඩු කිරීම සුභදායි තත්ත්වයක් නොවන බව ද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
කෙසේ වෙතත් ආර්ථික වාසියක් උදෙසා මෙවැනි වැඩ සිදු කිරීමෙන් එය අපේක්ෂිත පිරිසට යම් සහනයක් හිමි වුවද ඒ තුළින් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය හා නොගැළපීමක් නිර්මාණය වී ඇති බව ද ශාන්ත  බණ්ඩාර මහතා කියා සිටියේය.
එනිසා වහාම මෙම බීර මිල ගණන් සංශෝධනය වීමක් සිදු කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

(Visited 6 times, 1 visits today)

කාටූන්

ජයාරූප