බීර මිලට සිදුවූ දෙයට සුව ඇමැතිත් අකමැතියි!

බීර මිල අඩු කිරීම සඳහා මෙවර අයවැයෙන් ගෙන ආ යෝජනාවට තමන් විරුද්ධත්වය පළ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ, 2018 විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ 3 වන දින විවාදයට එක්වෙමිනි .

මේ අතර, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ 3 වන වාර්තාව එහි සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එමෙන්ම පසුගිය අයවැයේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය දයා ගමගේ සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර, ඊට කථානායකවරයා ද මැදිහත් විය.

ඉන් අනතුරුව විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ අදහස් පළ කළේය.

(Visited 5 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප