මව්බිම වැනසූ LTTE කොටින්ව මව්බිමේදීම මහත් හරසරින් සමරයි!

කිලිනොච්චිය, කනකපුරම් හා මුලංකාවිල් ප‍්‍රදේශයේදි මහත් හරසරින් යුතුව කිලිනොච්චිය ප‍්‍රදේශවාසීන් විසින් 27 මහවිරු සැමරුම සිදුකරනු ලැබීය.
කිලිනොචිචිය, කනගපුරම් හා මුලංකාවිල් ප‍්‍රදේශයන්ගේ පිහිටි මහවිරු සුසානයන් පිහිටි ස්ථානයන්ගේ කොඩි ඔසවා, අලංකාරවත් තොරණ ඉදිකරමින් මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම සිදුකෙරිණ.
යුද්ධයෙන් මියගිය පිරිස් වෙනුවෙන් ඉදිකළ ස්මාරකයන් වෙත පහන්දල්වා, මල් මාලා පළදවා මහවිරු සැමරම් වැඩසටහන් සංවිධානය කොට තිබිණ.
මහවිරු සැමරම් වැඩසටහන දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එස්.ශ‍්‍රීධරන් මහතා ඇතුළු නියෝජිතයින්ගේ මෙහෙයවීම යටතේ සුදානම්කොට තිබු අතර, මහවිරු සතිය පුරා මහවිරු සුසාන පිරිසිදු කිරීමට ප‍්‍රදේශවාසීන් කටයුතු කරනු ලැබීය.
කිලිනොච්චිය මහවිරු සැමරුම් වැඩසටහනට සමගාමීව වවුනියාව,මන්නාරම,මුලතිව් හා යාපනය දිස්ත‍්‍රික්කයන්හි පිහිටි මහවිරු සොහොන් තුළද මහවිරු සැමරුම් සවස 6.05 ට ආරමිභ කෙරිණ.
එල්ටීටීඊ සංවිධානය ක‍්‍රියාකාරිව පැවති සමයේ නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා දක්වා මහවිරු සතිය නම්කොට තිබිණ.
උතුරේ මහත්හරසරින් මහවිරු සමරයි
(Visited 6 times, 1 visits today)

කාටූන්

ජයාරූප