මහාචාර්ය සරත් විජේසූරිය මහතාගෙන් කතානායකතුමාට යෝජනාවක්

කිසියම් මහජන නියෝජිතයෙකුට අධිකරණයේ පෙනීසිටීමට තිබේනම් එදින පාර්ලිමේන්තුවට සහභාගී නොවීමට නීතියක් සකස්කලයුතු බවයි මහාචාර්ය සරත් විජේසූරිය මහතා පෙන්වාදෙන්නේ. එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරසිටින්නේ නැතහොත් එදිනට අනිවාර්ය නිවාඩුවක් ලබාදීමට කටයුතු කලයුතු බවයි .

තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා –

නීතියෙන් ගැලවිලා තමන්ට අවශ්‍ය පුද්ගලයන්ට අපහස කරන්නට මේ පාර්ලිමේන්තු වරප්‍රසාදය මේ මහජන නියෝජිතයෝ පරිහරණය කරනවා .ඉතාම බරපතල කාරනාව අධිකරණය මගහැරීමට මේ මහජන නියෝජිතයෝ තමන්ගේ වරප්‍රසාදය අවභාවිත කරන ආකාරය . හුගක් දවස් වලට අපි දකින දේ තමයි පාර්ලිමේන්තුව අම්බලමක් වගෙයි .මොන ධනස්කන්දයක් මේ රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් වියදම් කරනවද පාර්ලිමේන්තු සභාවාරයක් පවත්වන්න .මහජන නියෝජිතයෝ පාර්ලි‌‌මේන්තුවට සහභාගිවෙන්නේ නැත්තම් එක බරපතල වරදක් .කතානායකතුමාට යෝජනාවක්  කරනවා මේක මගේ යෝජනාවක් නෙමේ රටේ පුරවැසියන්ගේ යෝජනාවක් හැටියට සලකා බලන්න කියලයි මම ඉල්ලා සිටින්නේ .කිසියම් මහජන නියෝජිතයෙකුට අධිකරණයේ පෙනීසිටීමට තිබේනම් එදින පාර්ලිමේන්තුවට සහභාගී නොවීමට කතානායකවරයා නීතියක් පැනවිය යුතුයි .නැතහොත් ඒ වෙනුවෙන් අනිවාර්ය නිවාඩු ලබදියයුතුයි .

මේ සියලු අදහස් ඒ මහතා පලකලේ ඔහුගේ සීත ගගුල නම් නවකතාව එළිදැක්වීමේ උත්සවයේදී ය .මේ අවස්ථාවට මැතිඇමතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියා .

 

(Visited 5 times, 1 visits today)

කාටූන්

ජයාරූප