මහින්දගේ ජීවිතයට තර්ජනයක් වුනොත් වගකිවයුතු වන්නේ ජනාධිපතිවරයායි

අද (05) නෙළුම් මාවතේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන සංසඳයේ මාධ්‍ය හමුවට එක් වෙමින ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන සංසඳයේ ප්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත් මහතා පවසා සිටියේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ පුනරුත්තාපනය නොකරන ලද විශාල පිරිසක් සාමාන්‍ය ජන සමාජයේ සැරිසරන බැවින් එවන් පසුබිමක මහින්ද රාජපක්ෂ මහතාට ජීවිත තර්ජනය එල්ල වුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා විසින් බාරගත යුතුයි බවයි .

අද වන විට ත්‍රස්ථවාදය අවසන් කරන ලද බුද්ධි අංශ නිලධාරින් පවා අත්අඩංගුවට ගනිමින් සිටින බවත් තිස් වසරක යුද්ධය නිමා කළ  නායකයා වශයෙන් වැඩිම තර්ජනයක් පවතින්නේ මහින්ද රාජපක්ෂ මහතාට බව ද ගුණසිරි මහතා පවසයි.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට සිටි ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ විශේෂ පුහුණුවක් ලද ආරක්ෂක භටයින් ඉවත් කිරීම දැඩි ලෙස හෙළා දැකින බවත් වහාම ඔහුට ආරක්ෂාව ලබා නොදෙන්නේ නම් මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීන්දු ගන්නා බවත් මෙම සංසඳය ප්‍රකාශ කරයි.

(Visited 13 times, 1 visits today)

කාටූන්

ජයාරූප