මහින්ද පිල සමඟ එක්වනවාද නැද්ද කියා අනාගතයේ ඡන්දයක දී බලාගත හැකියි!

ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින ඇතැම් අන්තවාදීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කිරීමට සැලසුම් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
පක්ෂය දෙකඩ කිරීමෙන් එක්සත් ජාතික පක්ෂයට බලය ලබා දීමට කිසි විටෙකත් තමා කැමති නොවන බවත්, එනිසා එකට එක්ව ගමන් කිරීමට සියලු දෙනාට ආරාධනා කළද අන්තවාදීන් ශ්‍රීලනිප ය පරාජය කර තවත් වසර 10 කින් හෝ 15 නැවත බලයට පැමිණීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ඊයේ(13) කුරුණෑගලදී පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මහින්ද පිල සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ යන්න පිළිබඳ  මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, යම් පුද්ගලයින් එක් වීමට කැමැත්තක් දක්වන අතර අනෙක් අය වෙන් වෙන්න කැමති බවත් කාලයක් තිබෙන බැවින් අනාගතයේ දී ඡන්දයක දී ඒ ගැන බලාගත හැකි බවද පැවසීය. කෙසේ හෝ පුද්ගලයෙකුට සිටින සෙනඟ ප්‍රමාණය මත ජයග්‍රහණය තීරණය කළ නොහැකි බව ද ඔහු කියා සිටියේය.
(Visited 4 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප