මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාවට සිටි පොලිසියේ තවත් පනස්‌දෙනකු ඉවත් කෙරේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාවට සිටි පොලිසියේ තවත් පනස්‌දෙනකු ඊයේ (07 දා) සිට වහාම ඉවත් කර තිබේ.

ඊයේ (7 වැනිදා) සවස 5.00 ට මෙම දැනුම්දීම සිදුකර ඇති අතර අදාළ පොලිස්‌ නිලධාරීන් ඊයේ (7 වැනිදා) රාත්‍රි 9.00 ට ජනාධිපති ආරක්‍ෂක අංශයට වාර්තා කරන ලෙස එම පණිවුඩයේ සඳහන් කර ඇත.

හිටපු ජනාධිපතිවරයාට මුලින්ම පොලිසියේ 103 දෙනකු හා හමුදාවේ 102 දෙනකු ආරක්‍ෂාව සඳහා යොදවා තිබූ අතර ඉන්පසුව පසුගිය වසරේ මැයි මාසයේදී හමුදාවේ පිරිස ඉවත් කර ඒ වෙනුවට පොලිස්‌ නිලධාරීන් වරින්වර එක්‌කරනු ලැබිණි.

මේ අතර මෙම සියලු ආරක්‍ෂක නිලධාරීන් අතුරින් හිටපු ජනපතිවරයාගේ ආරක්‍ෂක මෙහෙයුම් ඒකකය භාරව සිටි සහකාර පොලිස්‌ අධිකාරිවරයා ඇතුළු 42 දෙනකු පසුගිය මැයි 03 වැනිදා ඉවත් කරනු ලැබීය.

මේ පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ ඊයේ (7 වැනිදා) දිනයේදී ඉවත් කළ පනස්‌දෙනා අතර මහින්ද රාජපක්‍ෂ මහතා ජනපතිව සිටි අවධියේ සිට ආරක්‍ෂාවට සිටි පිරිසක්‌ ද වන බවය. මෙම පිරිසට මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව පිළිබඳව හොඳ පළපුරුද්දක්‌ හා අවබෝධයක්‌ තිබූ පිරිසක්‌ බව ද මන්ත්‍රීවරයා කීවේය.

ආණ්‌ඩුව මෙලෙස ආරක්‍ෂාව අඩුකිරීම නිසා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව සැලසුම් කිරීමේදී එහි ප්‍රධානීන් ද දැඩි අසීරුතාවට පත්ව ඇතැයි කී මන්ත්‍රීවරයා මෙලෙස ආණ්‌ඩුව ආරක්‍ෂාව අඩු කරන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතය අනතුරට හෙළීමට යෑයි ද කියා සිsටියේය.

(Visited 92 times, 1 visits today)

කාටූන්

ජයාරූප